agrahara-pention-schemes

විශ්‍රාමිකයන් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක කරවීම සඳහා විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගැනීමට විශ්‍රාමිකයන්ගේ කැමැත්ත හෝ අකමැත්ත පළකිරීමට මාසයක කාලයක් ලබාදෙන ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පාළාත් පාලන ආමාත්‍ය ජනක  බණ්ඩාර තෙන්නකෝන් මහාතා උපදෙස් දී තිබේ. 

2016 වසරේ ජනවාරි මස 1 වැනිදාට පෙර විශ්‍රාම ගන්නා ලද රජයේ නිලධාරීන්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක වීමට අවස්ථාව ලබාදෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා නිකුත් කළ චක්‍රලේඛයේ පරිදි විශ්‍රාම වැටුපෙන් මාසික වාරිකයක් අයකරගැනීමට කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ  කිරීමට සති දෙකක කාලයක් ලබාදී තිබූ අතර එම චක්‍රලේඛයට අනුව වයස 70 වැඩි විශ්‍රාමිකයන්ගෙන් රුපියල් 600 ක් සහ 70 ට අඩු විශ්‍රාමිකයන්ගෙන් රුපියල් 400 වාරිකයක් කපා ගැනීමට කළ යෝජනාවට විශ්‍රාමික සංගම් විරෝධය ප්‍රකාශ කර තිබිණ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.  රත්නසිරි සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් යන මහත්වරුන්ගේ ද සහභාගිත්වයෙන් ඊයේ (8) පැවැති සාකච්ඡාවකදී කැමැත්ත විමසීම සඳහා සති දෙකක කාලය ප්‍රමාණවත් නොවන බවට තීරණය කර ඇත.