‘අයවැයෙන් සහනයක් ලැබෙයි කියා සාමාන්‍ය මතයක් තියනවා. ලෝකෙ හැම තැනම තියන ප්‍රශ්න එක්ක කෙටි කාලීන සහන දෙන්න අපට අමාරු වුණා. නමුත් දිගු කාලීනව අපේ සැලසුම හොඳයි.
බලාපොරොත්තු තියාගත් අයට පීඩාවක් තමා දැන් ඉන්නෙ. ඒත් මේ වෙලාවේ ස්ථාවරය ඇති කරගන්න තමා මෙහෙම කළේ.
සෞඛ්‍ය වියදම කැපුවද?
සෞඛ්‍ය අමාත්‍යංශෙට වෙන් කරපු මුදල මේ වාරේ එතරම් අවශ්‍ය වුනේ නැත්තේ සමහර කොටස් වලට අවශ්‍ය නැති නිසා ඒ නිසා කොටසක් කැපුවා.
අලුත් වාහන ගෙන්වන්න තව කොච්චර කල් යයිද?
වාහන ගෙන්වන්න නං රට ස්ථායි විය යුතුයි. රට ස්ථායි වෙන්න තව කොච්චර කල් යයිද යන්න අපැහැදිලියි. මුලදි මං හිතුවා සංචාරක ක්ෂෙත්රයේ වර්ධනයක් තිබුණ නං මේ 2021 වසර අග වෙනකොට අපට තීරණයක් ගන්න හැකි මට්ටමක් ඒවි කියල. ඒත් ඒක අමාරුයි,
2022 මැද භාගයේදී පසු විපරමක් වෙනවා.එතනදි තමා බලන්න වෙන්නෙ.
අයවැයෙන් කියන දේවල් ඊළඟ අවුරුද්ද වෙලත් හරියටම වෙන් නෑ නේද?
අයවැයෙන් යමක් වෙනව කිව්වට වෙන්නෑ තමා.
ඒක තමා අකවුන්ටබිලිටි එකේ පළමු දේ.ඕනම රටක වෙන්න ඕන දෙයක් වගවීම ඇතිවෙන්නෙ එතකොට තමයි. නමුත් එය කළ යුතුමයි. ඒක වෙන්නෑ තමයි
මුදල් අච්චු ගැසීමෙන් උද්දමනයක් වුණා නේද?
මුදල් අච්චු ගැසීම අවශ්‍ය දෙයක් ඒක ප්‍රමිතියකින් කරන්නෙ. ඒක කරන්න පුළුවන් මහ බැංකුවට විතරයි. පසුගිය කාලෙ ලංකාවෙ විතරක් නෙමේ හැම රටේම අච්චු ගැහුවා.ඒක අවශ්‍ය දෙයක්. එහෙම කරල තත්වය සාමාන්‍ය නම් උද්ධමනය වැඩිවෙනවා. නමුත් මෙතැන්දි තත්වය අසාමාන්‍යයි. සංකෝචනය වැඩි නිසා අපේ තත්වය අසාමාන්‍ය වුණා. ඇත්තටම උද්ධමනය එහෙම වැඩිවෙලා නැහැ. මෙහේ උද්ධමනය වැඩි වුනේ සල්ලි අච්චු ගහපු නිසා නෙමේ. ලෝක තත්වය නිසා.
මේ මුදල් නැවත අවශෝෂණය කරන්න අපි පටන් ගත්තා. අපේ ට්‍රෙෂරි බිල් ඔක්ෂන් වලින් නැවත සල්ලි ගන්නවා. මේ තත්වය තුළින් තත්වය හරි යනවා.
0 Comments