ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය කිරීමට එක්සත් අරාබියට ශ්‍රී ලංකාවේ මාධ්‍ය වේදීන් ගිය ගමනේදී ඔවුනගේ කටයුතු පහසුවූ අයුරු සතිඅන්තපුවත්පතකට විස්තර කර තිබේ.
එම සටහන මෙසේය.
පී.සී.ආර්. ප්‍රතිඵලයෙන් සමත් වනතුරු කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැය කිහිපයක් බලා හිදීමට අපට සිදු විය. අනතුරුව එක්සත් අරාබි එමීරය වෙත පැමිණි අප, එහිදී ද එවන් පැය කිහිපයක රස්තියාදුවක් බලාපොරොත්තුවෙන් කල් තියාම හිත හදාගෙන පැමිණියේ පෙර ලද අත්දැකීම හේතුකර ගෙනය. නමුත් එහිදී වූයේ අනෙකකි.
ගුවන් යානා කිහිපයකින් එක්සත් අරාබි එමීරයට ගොඩබට සිය ගණනක් වූ විදේශිකයන්ව විනාඩි 20ක් වැනි කෙටි කාලයකදී ඔවුන් ගුවන් තොටුපළෙන් බැහැර කළේ අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණයන්ද සිදු කරමිනි. පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔවුන් අමතරව අපෙන් ඉල්ලා සිටියේ විදේශ ගමන් බලපත්‍රය සහ දුරකථන අංකය පමණි.
අනතුරුව අපට උපදෙස් ලැබුණේ අල් හොස්න් යන ‘ඇප්’ එක ජංගම දුරකථනයට භාගතකර ගැනීමටය. මහ දෙයක් නැත. අපේ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵලය පැමිණ තිබුණේ එම ‘ඇප්’ එකටය.
එතැන් පටන් තරගාවලිය ක්‍රියාත්මක කාලය පුරාම විටින් විට අප සිදු කළ සෑම පී.සී.ආර්. පරීක්ෂණයකම ප්‍රතිඵල පැමිණියේ අල්හොස්න් ‘ඇප්’ එක වෙතටය. එක්සත් අරාබි එමීර්හි එක් පී.සී.ආර්. පරීක්ෂණයක් පැය 72 කට වලංගුය. පරීක්ෂණය නෙගටිව් නම් ඉහත කී පැය 72ක කාලය තුළ එම මෘදුකාංගය කොළ පැහැ ගැන්වී තිබේ. පැය 72න් පසුව එය දුඹුරු පැහැයක් ගන්නේ නැවත පී.සී.ආර්. පරීක්ෂණයක් කළ යුතු බවට අපට මතක්කර දෙමිනි.
යම් හෙයකින් පී.සී.ආර්. පරීක්ෂණය ‘පොසිටිව්’ වුවහොත් අදාළ මෘදුකාංගය රතු පැහැ ගැන්වේ. ඒ අනුව එක්සත් අරාබි එමීර් බලධාරීන් මෙම මෘදුකාංගය නිර්මාණය කර තිබුණේ ඔවුන්ගේ රටේදී කොවිඩ් පොසිටිව් වන සෑම අයෙක්ම සිටින ස්ථානය සොයා ගැනීමේ හැකියාවද පවතින අයුරෙනි.
අබුඩාබිහි හෝටලයේ රැඳී සිටින අවස්ථාවේදී අපට හමුවූ රොමේෂ් නමැති ශ්‍රී ලාංකික සූපවේදී තරුණයාගේ අල් හොස්න් ඇප් එක පිරී තිබුණේ ඔහු කළ පී.සී.ආර්. පරීක්ෂණයන්ගෙනි. ඔහු ඒ වන විට පී.සී.ආර්. පරීක්ෂණයන් සියයකට වැඩි සංඛ්‍යාවකට මුහුණ දී තිබුණි.
සාජා, අබුඩාබි සහ ඩුබායි කියන එක්සත් අරාබි එමීර්හි ප්‍රධාන නගර තුනෙහි මෙම ඇප් එක වැඩියෙන්ම පරීක්ෂා කරනු ලැබුවේ අබුඩාබිහිදීය. කෙසේ නමුත් එහි වෙසෙන පුද්ගලයන් බහුතරයකට එන්නත් මාත්‍රා 04ක් බැගින් ලබා දී තිබීමද කැපී පෙනෙන කාරණයක් විය.
ගායාශාන් විතානාරච්චි
0 Comments