එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීම පසුගිය දිනවල දේශපාලන ක්ෂෙත්‍රයේ කථාබහක් ඇති කළේ උන්වහන්සේගේ ජාතික ආගමික අදහස් මධ්‍යස්ථ නොමැති බවට සමාජය තුළ හංවඩු ගසා තිබෙන බැවිනි.


පසුගිය කාලයේ ඉස්ලාම් විරෝධී ස්ථාවරයක දිගින් දිගටම එහිමියන් පෙනී සිටි නිසා මෙයින් වඩාත් කලබලවූයේ මුස්ලිම් ප්‍රජාවයි. මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අධිකරණ ඇමති අලි සබ්‍රි මෙම පත්කිරීමට විරෝධය පළ කළ අතර එය වෙනස් නොකරන්නේ නම් අස්වන බවට මාධ්‍ය ඉදිරියේ කියා සිටියේය.
නමුත් ඊට පසුදාම ඇමතිවරයාගේ අමාත්‍යංශය දන්වා සිටියේ එවැනි අස්වීමක් නිල වශයෙන් දන්වා නැති බවයි.
මේ අතර ඊයේ වාර්තාවූයේ ඇමතිවරයා ලිපි 2 ක් ලියා ජනපතිට භාරදුන් බවත් එහි තම ඇමති ධූරයෙන් ඉවත්වීම සටහන්කර ඇති බවයි.


ජනාධිපතිවරයා හමුවුණු අලි සබ්රි මහතා නීති සකස් කිරීම රටේ නිශ්චිත ක්‍රමවේදයක් පවතිද්දී මෙවැනි කාර්යසාධක බලකා මාර්ගයෙන් නීති සකස් කිරීමට යෑම අනවශ්‍ය ගැටළු මතු වන්නක් බව පෙන්වා දී ඇති අතර පත් කිරීම සම්බන්ධයෙන් තමාගේ  පැහැදීමක් නැතැයිද වෙනස් කරන ලෙසද ඉල්ලා ඇත.
නමුත් මේ වෙනුවෙන් ඉල්ලා අස්වන්නට තරම් කරුණු නැතැයි ජනපති පෙන්වාදී තිබෙන අතර
 ජනාධිපති කාර්ය සාධක බලකාය තමා පත්කළේ  තමාට එම  කාරණයට අදාළව උපදෙස් ගැනීමට  විනා අන් දෙයකට  නොවන බව දැනුම්දී ඇත.
 අලි සබ්රි මහතාගේ  කාර්ය සාධනය  ජනාධිපතිවරයා මෙහිදී ඉහළින්ම අගය කර ඇති අතර අද උදේ වාර්තා වන්නේ අලි සබ්‍රි ඇමතිවරයා ඉල්ලා අස්වන්න හැදුවත් ජනපති කැමති නොවූ කතාවකි.

අලි සබ්‍රි යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධූරයට පත්වන්නට පෙරාතුව ඔහුගේ නඩු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයාය. එකල මිග්යානා ගනුදෙනුව, මැද මුලන සොහොන ආදී නඩුවලදී අත්අඩංගුවට ගැනීමෙන් වැළැකී සිටීමේ නියෝග ලබාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කරදුන්නේද ඔහුය. කිසිදු අයුරක දේශපාලනයක් නොකර ජාතික ලැයිස්තුවෙන් සෘජුවම කැබිනට් ඇමති ධූරයක් ලබන්නට වාසනාවන්ත වූවෙකි.