arjuna-sajith

 පසුගිය සති අන්තයේදී සමගි ජන බලවේයේ මන්ත්‍රීවරුන්ට විශේෂ පුහුණු වැඩමුළුවක් පැවති අතර පක්ෂ නායක සජිත් ඊට සහභාගීවීමෙන් පසු ඉරිදා දින කොළඹ රාජකීය විදුහල ඉදිරිපිට ඇති ‘මහරාජා පැලස්’ වෙත රහස් සාකච්ඡාවක් සඳහා ගොස් තිබේ.

සජිත් එතැනට එන විට එහි විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සංවිධාන කොට තිබු බවත් සජබය නියෝජනය කරන සුළු පක්ෂ මන්ත්‍රීවරයකු වන දිගම්බරම්ගේ දියණියගේ උපන් දිනය වෙනුවෙන් එය පැවැත්වුණත් ඊට යටින් දිවෙන දේශපාලන අරමුණක්ද පැවති බවත් කියැවිණි.
 එහි එජාපය නියෝජනය කරන දෙදෙනකු සාකච්ඡා මේසයේ අසුන්ගෙන සිටි අතර ඒ නම් අර්ජුන රණතුංගත්, සමන් රත්නප්‍රියත්ය. ඊට අමතරව රාජිතත්, මනුෂත් එහි සිටිනු වාර්තා විය.
 සජිත් හා අර්ජුනලා එකතු කරන වැඩපිළිවෙළක් ලෙසට මෙම සාකච්චාව ගැන අදහස් පළවූවද එහිදී කතාවූ දේ තවම හෙළිකර නැත. පසුගිය මැතිවරණය මුල් කරගෙන සජිත්පිල තනන මුල් අවස්ථාවේ අර්ජුන රණතුංග ඊට එක් නොවූයේය.