පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්රයකට තැන්පත් කිරීම සඳහා රැගෙන යමින් සිටි කෝටි 6යි හැත්තෑහතරලක්ෂයක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 15වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හැටන් මහේස්ත්රාත්වරිය ඊයේ (02දා) නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, දියතලාව ප්රදේශයේ පදිංචි රුවන් කුමාර (අවු. 42) නමැත්තෙකි.
හැටන් නගරයේ පිහිටි පෞද්ගලීක බැංකු ශාඛාවක ඒ.ටී.එම් යන්ත්රයට ප
ෙරේදා (01දා) බැර කිරීමට වෑන් රථයකින් රැගෙන පැමිණි රුපියල් හයකෝටි හැත්තෑහතර ලක්ෂ දහනව දහසක මුදලක් රැගෙන පලා ගිය වෑන් රථයේ ඊයැදුරා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මුදල් සමග අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇත. හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්.යන්ත්රයට මුදල් බැර කරනු ලබන්නේ මහනුවර නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් වන අතර, පෙරේදා (01දා) පස්වරුවේ සැකකාර රියැදුරා සමග එම පෞද්ගලික ආයතනයේ නිලධාරීන් දෙදෙනෙක් සහ ගිනි අවියක් සහිත ආරක්ෂිත නිලධාරියෙකු බැංකු ශාඛාවට අදාළ වෑන් රථයෙන් පැමිණ ඇත.
ආරක්ෂක නිලධාරියා සහ අදාළ නිලධාරීන් දෙදෙනා වෑන් රථයෙන් බැස බැංකු ශාඛාවට ගිය අවස්ථාවේ වැන් රථයේ රැඳී සිටි රියැදුරා එය පදවාගෙන පලා ගොස් ඇති බව එම ආයතනයේ නිලධාරින් සහ ආරක්ෂක නිලධාරියා හැටන් පොලීසියට පැමිණිලි කර ඇත. අදාළ වෑන් රථයේ සවි කර තිබූ ජී.පී.එස් යන්ත්රය අනුව සැකකරු ගමන් ගන්නා මාර්ගය පිළිබඳ හැටන් පොලීසියේ නිලධාරීන් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමෙන් අනතුරුව සැකකරු නුවරඑළිය බදුල්ල ප්රධාන මාර්ගයේ කැප්පෙටිපොළ ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්න විසින් අත්අඩංගුවට ගෙන කැප්පෙපොළ පොලීසියට භාරදී තිබේ.
(හැටන් - රංජිත් රාජපක්ෂ )
0 Comments