bad-weather-incidents

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර, කඳු හා ගස් කඩා වැටීම් හේතුවෙන් මාර්ග ගමනාගමනයට මෙන්ම පවුල් රැසක ජනතාව පීඩාවට පත්ව ඇති ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. 

මන්නාරම් දිස්ත්‍රික්කය පුරා ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් මන්නාරමේ නානට්ටාන්, මාත්තෙයි බටහිර සහ මන්නාරම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ගංවතුර තත්ත්වයෙන් ජනතාව පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි. අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවත් කළගෙඩිහේන කොස්හේන මාර්ගයේ මංගලතිරිය පාලම ප්‍රදේශය ජලයෙන් යටවී වාහන ධාවනය ඇනහිට ඇති බවද ඒ මහතා කීය.මෙයට අමතර තිහාරිය වාරණ මාර්ගයද ඊයේ (08)දා පස්වරු 2.30 පමණ වන විට ජලයෙන් යට වෙමින් පැවති බවත් එක දිගට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය කිහිපය ඇතුළත තවත් මාර්ග ගණනාවක් හා පහත් බිම් ආශ්‍රිත ගම්මාන කිහිපයක්ම ජලයෙන් යට වීමේ අවදානමක් පවතින බවද හෙතෙම සදහන් කළේය.

අද උදවසන 6 වනවිට අත්තනගලු ඔයෙහි දූනමල් ජල මාලකයෙහි ජල මට්ටම මීටර් 4.87 දක්වා ඉහළ ගොස් තිබූ බවත් මෙය අධිගංවතුර මට්ටමට ආසන්න බවින් ඔය පිටාර ගැලීම අවදානම් තත්වයක පවතින බවත් මාර්ග ඉංජිනේරු වින්තක සුරවීර මහතා පැවසීය. අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් පහත් බිම් ජලයෙන් යටවීම වළක්වාලීම පිණිස ඔයට සම්බන්ධ අමුණු 38 විවෘත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කළ සුරවීර මහතා, පහත් බිම් ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව සැලකිලෙන් පසුවියයුතු බවද කීය.

ගිංගගේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 3.93ක් දක්වා වැඩී ඇති බවත්, හ

ෝළුවාගොඩ ඇළ මාර්ගය පිටාර ගැලීම නිසා එළවළු කොරටු, වී වපුරා ඇති කුඹුරු රැසක් ජලයෙන් යටවී ඇති බවත්, මීවල, ඕපාත, උළුවිටකේ, උක්වත්ත, මේ අතර මහ වැසි හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත හා පාලින්දනුවර යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබූ අතර, ඊයේ (08දා) උදේ වනවිට ඒවායේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී නොතිබුණි. කැලණි ගග බියගම පට්ටිවිල ප්‍රදේශයෙන් පිටාර දැමීමට ආසන්න බවත්, බියගම හේත්තිහත්ත වෙලේ දේවාලය ප්‍රදේශයේ තාප්ප බිත්ති සහිත පැරැණි නිවසක් අධික වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයම කඩාවැටී ඇති අතර බියගම පේරගගහමුල බොරළුවල ප්‍රදේශයේ පස් කන්දක් දිය අගලක් වැසී යන ලෙස කඩාවැටීමෙන් නිවාස කීපයක් වැසි ජලයෙන් යටවී ඇති බවත් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.

මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැලෙන වර්ෂාව උකුවට. රත්තොට. අඹන්ගඟකෝරළය. දඹුල්ල සහ මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙසේ ආපදාවන්ට ලක්ව ඇති අතර පස් කඩා වැටීම්, අධික වැසි ජලය හා ගැලීම් නිසා මෙසේ පීඩාවට පත්ව ඇති බවද මධ්‍යස්ථානය කියයි. රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශ උපරීම ජල මට්ටම දක්වා පැමිණ තිබීමත් සමග ජලාශයන්හි  වාන් දොරටු ස්වයංක්‍රීයව වරින් වර විවෘත වීම හේත්තුවෙන් විශාල ජල ධාරිතාවක් මහවැලි ගගට මුදා හරින බැවින් රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවලට පහළින් ගග පරිහරණය කරන ජනතාව විමසිල්ලෙන් හා පරික්ෂාකාරී වන ලෙස රන්දෙණිගල ජලාශ කාර්ය භාර ඉංජිනේරු ඩී.එම්. ධර්මදාස මහතා පැවසීය.

ඊයේ (08දා රදණිගල ජලාශයේ වාන් දොරටු 01ක් මීටර් 2.5ක් උසට ස්වයංක්‍රීයව විවෘත වී ඇති අතර ඉන් තප්පරයට ඝනමීටර් 400ක ජල කඳක් මුදා හැරන බවත්,

රන්ටැඹේ ජලාශයේ වාන් දොරටු දෙකක් මීටර් 01 බැගින් ස්වයංක්‍රීයව විවෘත වූ අතර ඉන් තත්පරයට ඝනමීටර් 600ක ජල කඳක් මහවැලි ගගට මුදා හැරෙන බව ඒ මහතා සඳහන් කළේය. ලිදුල, ඌවකැලේ වත්තේ ඇල්ජින් කොටසට පිවිසෙන මාර්ගයේ කොටසක් නායයාම නිසා එම වතු යායේ දෙනික කටයුතුවලට බාධා පැමිණ ඇති බව එම වතු යායේ පාලන අධිකාරිය පැවසීය.නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය, බ්ලැක්ෆුල් ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇනහිට ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසිය. අලුත්ගම පොලිස් බල ප්‍රදේශයේ පහත්බිම්, නිවාස මාර්ග ඊයේ (08දා) රැසක් ජලයෙන් යටවී ඇති බවත්, බේරුවල හෙට්ටිමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය හරහා විශාල දෙල් ගසක් කඩා වැටීමෙන් දුම්රිය මාර්ගය අවහිර වී තිබූ අතර බේරුවල පොලිසිය මටදිහත්වී දුම්රිය ගමනාගමනයට බාධා ඉවත් කර තිබේ.