beliatta-thief-caught

වර්තමානයේ සිටින හොරු, පොලිසියට කොටු නොවී හොරකම් කිරීමට නොයෙක් උපක්‍රම යොදන බවක් පෙනෙන්නට ඇත. එහෙත් අපරාධයක් කොට සදාකාලිකව සැඟවී සිටීමට නොහැකි නිසා කොයි ක්‍රමයකින් හෝ මොවුන් නීතියේ රැහැනට කොටු වීම ද වැලැක්විය නොහැකිය. බස්නාහිර දකුණ අපරාධ කොට්ටාසය පසුගිය දිනෙක අලුත් පන්නයේ හොරෙක් අත්අඩංගුවට ගෙන තිබිණි. 

ඔහු හොරකමේ යන්නේ මුලු සිරුරම වසාගෙනය.එනම් මුහුණට මේස් එකක්දමා, ඇස් හා නාසයට පමණක් සිදුරු දෙකක් තබා, අත් හා පාදවලට ද මේස්  දමාගෙන කාටවත් හඳුනාගන්නටනොහැකිවන ලෙසිනි. මොහු හොරකමේ ගිය අවස්ථා ගණනාවකම සී.සී.ටී.වී දර්ශන තිබුණත්  මෙලෙස සිරුරම වසාගෙන සිටීම නිසා හඳුනාගැනීම අපහසු විය,

මේ සම්බන්ධ විමර්ශන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පැවරෙන්නේ හොරකම් සිද්ධ වූ ප්‍රදේශවල පොලිස්ථාන කොපමණ විමර්ශන කළත් හොරා අල්ලා ගැනීමට නොහැකි තැනය. මොරටුව,ගල්කිස්ස, වැනි ප්‍රදේශවල පිහිටි කෝටිපතියන්ට අයත් යැයි සැලකෙන විශාල නිවාසවලට රහසින් ඇතුලුවන මෙම පුද්ගලයා රන් ආබරණ, මුදල්,ලැප්ටෝප්, රූපවාහිණී යන්ත්‍ර, ඔරලෝසු ආදී වටිනා උපකරණ සොරාගෙන ගෙනගොස් තිබිණි. මොහු පැමිණ සුදු පැහැති මෝටරයකින් බව තහවුරු වූවත් අල්ලාගැනීම හිතන තරම් ලෙහෙසි වූයේ නැත.කෙසේවෙතත් විර්ශන කරගෙන යන අතරතුර සැරයන් ප්‍රසන්නට මේ පුද්ගලයා ගැන තොරතුරු ලැබිණි.එම තොරතුර වූයේ මොහු මොරටුව, කොරලවැලේ තට්ටු දෙකේ නිවෙසක උඩතට්ටුවේ අනියම් බිරියක සමග ජීවත්වන බවයි. තොරතුරු ලද සැනින් කොරලවැල්ල බලා ධාරානිපාත වැසි ඇදහැලෙමී තිබුණත් ඉලක්කය සපුරාගන්නට එය බාධාවක්කර ගත්තේ නැත.

පොලිස් කණ්ඩායම නිවෙස වටකොට අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සැරසෙද්දී ඔහු ජනේලයෙන් පැන උඩ තට්ටුවහලට නැග පැනයන්නට උත්සාහ කළේය. පොලිස් කණ්ඩායමේ කිහිප දෙනෙක් වහලයට ගොඩවී ඔහු පසුපස පන්නන්නට වූයේ සිනමා පටයක දර්ශනයක් විලසිනිය. සැකකරු වැඩිදුරක් දිව යන්නට හැකි වූයේ නැත. අල්ලාගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ වෙනත් මෙවැනි හොරුන්ට නැති කතාවකි. එනම් වර්ථමානයේ හොරකමේ හා කොල්ලකෑම්වල යෙදෙන බොහෝ දෙනකුගේ අරමුණ මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමයි.මොහුගේ අව්‍යතාව වී තිබුණේ. නීත්‍යානුකූල බිරියත් අනියම් බිරින්දෑවරුන් හා ඔවුන්ට උපන් දරුවන් රැක බලාගැනීමයි.



ඒඅනුව මේ වනවිටමොහු දරුපවුල් 04ක් නඩත්තු කරමින්සිටී, බෙලිඅත්තේ උපන් මොහු විවාහවී සිටින්නේද බෙලිඅත්තේ කාන්තාවක සමගය. ඇය මේ වනවිට බෙලිඅත්තේ දරුවන් සමග ජීවත්වන අතර ඇයට දරුවන් සිව්දෙනෙකි.මොහු හොරකම්වලින් කොපමණ ඉපැයුවාද කියතොත් මොරොන්තුඩුවේ සිටින එක් අනියම් බිරියකට තට්ටුදෙකේ නිවසක්  සාදාදීඇත.මොරටුමුල්ලේ ද බිරියක් සිටිනෙ අතර ඇයට ලී මඩුවක් දමාදී ඇත.ඒ ඇයගේ අනාගතය ඇයටම සරුකරගැනීම පිණිසය. නීත්‍යනුකූල බිරියටත් මේ අනියම් බිරියන් දෙදෙනාට සලකන අතරේ මොහු දැනට කොරලවැලේ ජීවත්වන්නේ තවත් අනියම් බිරියක සමගිනි.ඒ මාසයකට රුපියල්විස් පන්දහසවනලෙස කුලී පදනම මතගත් නිවසකය, මොහුගේ වයස අවුරුදු 51කි.වර්තමානයේ එකට ජීවත්වන අනියම් බිරියගේ වයස අවුරුදු  34කි.

ඇයට දරුවකු සිටින අතර මොහු මෝටර් රථය මිලදීගෙන තිබුණේ ඇයගේ නමටය.රටේ ලියාපදිංචි අපරාධකාරයකු වන මොහුට කියන්නට තරම් රැකියාවක් නැත. ආදායම් මාර්ගය වන්නේ හොරකමයි. මෝටරය ගෙන තිබුණේ ෆිනැන්ස් ක්‍රමයටය.ඒ මාසිකව රුපියතිස් දහසක් ගෙවීමේ එකගතාව මතය. ඒ අනුව නිවෙසටත් මෝටරයටත් ගෙවීමට මොහුට මසකට රුපියල් හැටපන්දහසක් සොරාගත් මුලු දේපලවල වටිනාකම රුපියල් ලක්ෂ 30කට වැඩිය. හොරකම් කොල්ලකෑම් ඇතුලු හොර වැඩවලට හසුවී  හිරේ විලංගුවේ වැටුණ මොහු එකදිගට වසර 14 හිරගෙදර කල් ගෙවාඇත.මොහු අත්අඩංගුවට පත් වන්නේ හිරෙන් නිදහස්ව පැමිණ ටික කලකිනී, මොහු දැන් යළිත් හිරගෙදරය.



දරුවන් පස්හය දෙනකු සමග දරුපවුල් 04කුසගින්නේය. කිසිවක් සොයනා බලාආදරය ඉල්ලාගෙන එන පිරිමින් විශ්වාස කොට ඔවුන් සමග විවාහවන මෙන්ම අනියම් ලෙස පවුල් කන්නට සිතන කාන්තාවන්ට මේ කතාව හොඳ පාඩමක්ය.කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලලිත් අබේසේකරන්ගේ උපදෙස්මත,එම කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයන්ත පෙරේරාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර ඇතුලුසැරයන් වරුන්වන (21284) බණ්ඩාර.(56958)බ ප්‍රසන්න ඇතුලු කණ්ඩායමක් මෙම විමර්ශනයට එක් විය.

-තක්ෂිලා ජයසේකර-