රෝගීන්ට ප්‍රතිකාර කරන මුවාවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී. හදුනාගත් මත්කරල් අලවිකරණ වෛද්‍යවරයකු පෙරේදා (30දා) රාත්‍රියේ පානදුර උතුර පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය නිලධාරින් 

කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වෛද්‍යවරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පානදුර ප්‍රදේශයේ පදිංචි දරුවන්ගේ දෙමවුපියන් සහ විහාරාධිපති හිම්වරුන් විසින් කරන ලද පැමිණිලිවලට අනුව, ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව ලක්මාල් මහතාගේ උපදෙස් පරිදි මසකට අධික කාලයක් ආවේක්ෂණ රාජකාරී සිදු කිරිමෙන් අනතුරුව විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක්ද සමගින් වැටලීම කර සැකකරු හා අදාළ මත්පෙති තොගය අත්අඩංගුවට ගෙන තිබිණි. අදාළ වැටලීමේදී පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේ සැකකරු විසින් පවත්වාගෙන යන වෛද්‍ය මධ්‍යස්ථානයකදී එදින රාත්‍රී 7.30 ට පමණ වැටලීම කර හඳුනා නොගත් මත්කරල් සහ මත්පෙති විසිදහස් තිස්පහක් භාරයට ගත් බවද පොලීසිය පවසයි.මොහු විසින් එක් මත්කරලක් රුපියල් දෙසීයක මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් පොලිස් භාරයට ගෙන ඇති මත්කරල්වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න බවද පොලීසිය පවසයි.

(පානදුර සුමිත් ප්‍රේමතිලක)