egypts-mohamed-diab-palestinian-movie-amira

ඊජිප්තුවේ අල් ගුණා සිනමා උළෙලේදී මොහොමඩ් ඩයබ්ගේ ‘අමිරා’ නමැති චිත්‍රපටය නිකුත් වීම අරාබි රටවල ආන්දෝලනයක් ඇති කර තිබේ. ඊශ්‍රායල සිරකඳවුරුවල සිටින පලස්තීන දේශපාලන සිරකරුවන්ගේ ශුක්‍රාණු හොර රහසේ ප්‍රවාහනය කරමින් ඔවුන්ගේ භාර්යාවන් මාතෘත්වයේ සතුට ලබාදුන් බව ඉන් පෙන්වා දී තිබේ.  පලස්තීන-ඊශ්‍රායල් ගැටුම අතරතුර 2012 සිට ශුක්‍රාණු ජාවාරමෙන් ළදරුවන් දහස් ගණනක් උපත ලබා ඇති අතර මෙය සංසිද්ධිය ලෝකයෙන් සැඟවූ සත්‍යයකි.

පවුල සහ රුධිර සබඳතා නිර්වචනය කිරීම සහ විදේශිකයන් කෙරෙහි වෙනස්කම් කිරීම සහ වෛරය පිළිබඳ ගැටළු මතු කිරීමට චිත්‍රපටය මගින් උත්සාහ කරයි. චිත්‍රපටයේ, ඊශ්‍රායල සිරගත කරන ලද පලස්තීන උද්ඝෝෂක නුවාර්ගේ 17 හැවිරිදි දැරියක් වන අමීරා විශ්වාස කරන්නේ ඇය තම පියාගේ හොර රහසේ ශුක්‍රාණු වලින් උපත ලැබූ බවයි. ඇය මව වර්දා සමඟ සිරගෙදරට පියා බැලීමට කිහිප වතාවක්ම පැමිණේ.



 චිත්‍රපටයේ කතාවෙන් පැවසෙන්නේ නුවර්ගේ ශුක්‍රාණු හොරෙන්ම ඔහුගේ බිරිඳ වර්දා වෙත ගෙනයාමකි. මේ ශුක්‍රාණුව හරහා තමා හිරෙන් නිදහස් වන බවක් ඔහුට දැනී යයි. නමුත් රෝහලේදී ශුක්‍රාණු පරීක්‍ෂණයක් සිදු වූ විට ඔවුන්ගේ ජීවිත කුණාටුවක්‌ බවට පත්වේ. නුවර්ට පියෙකු වීමේ හැකියාවක් නැති බව පෙනී යයි. පවුලේ සාමාජිකයන් අමිරාගේ පියා යැයි සැක කරන සෑම පුද්ගලයෙකුගේම DNA පරීක්ෂණ සිදු කරයි.

අමීරාගේ ජීවිතය කඩා වැටෙන්න පටන් ගන්නා අතර ඇගේ මව වර්දා සියල්ල දරා සිටී. අමීරා මෙම තත්වය හමුවේ නිර්භීතව කටයුතු කරන්නීය. ඇගේ පියා පලස්තීන විමුක්ති පෙරමුණේ ප්‍රවෘත්ති නිලධාරියෙකු ලෙස සේවය කළ ඊශ්‍රායල පුරවැසියෙකු බව දැනගන්නා අමීරාගේ මාමා ඇගේ විදේශ ගමන් බලපත්‍රය සාදා ඇයට ඊජිප්තුවේ පදිංචි වන ලෙස ඉල්ලා සිටී. නමුත් ඇය එයට ඇහුම්කන් නොදෙන අතර ෆේස්බුක් හරහා ඇගේ ජීව විද්‍යාත්මක පියා සොයා ගනී.



ඊශ්‍රායල ලේ තිබුණත් ඇයට අවශ්‍ය වන්නේ පලස්තීන ජාතිකයෙකු ලෙස සැබෑ දේශප්‍රේමියෙකු ලෙස ජීවත් වීමටයි. නීතිවිරෝධී ලෙස ඊශ්‍රායල දේශසීමාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී  අවසානයේ ඝාතනයට ලක්වන්නට සිදුවේ. Mohamed Diab දැනට ඊජිප්තුවේ වැඩිපුරම කතාබහට ලක්වන චිත්‍රපට නිෂ්පාදකයා වන අතර ඔහු මින් පෙරත් සුවිශේෂ තිර රචන ඉදිරිපත් කළ අයෙකි.  ඔහුගේ පෙර චිත‍්‍රපට වන ‘කයිරෝ 678’ සහ ‘ක්ලැෂ්’ චිත්‍රපටවලින් දක්ෂතා දක්වා ඇත.
මෙම චිත්‍රපටය හේතු කොට ගෙන කැළඹීමට පත් අරාබි නායකයින් කිහිප දෙනෙකුම ඊට එරෙහිව අදහස් පළ කර ඇති අතර ඇතැම් වාර්තාවලින් පැවසෙන්නේ චිත්‍රපටය තහනම් කිරීමට සූදානම් වන බවකි.
අමිරා (Amira- 2021)අයිඑම්ඩීබී දත්ත ගොනුවේ 7.2 ක ඉහළ අගයක් පෙන්නුම් කළ චිත්‍රපටයකි.
(ෆිල්ම් ක්ලිනික් ඇසුරිනි - Gossiplankanews.com)