රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් පසුගියදා නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලෝක 12 2005VII) මගින් 2016/01/01 දිනට පෙර විශ්‍රාම ගන්නා ලද රන් නිලධාරින්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායකවීමට අවස්ථාව ලබාදෙන ලද අතර, මේ සදහා වන තම කැමත්ත අකැමැත්ත පළකිරීම සදහා සති දෙකක කාලයක් ලබාදෙන ලදී. මෙය කෙසේවුවද ඇතැම් විශ්‍රාමික සංගම් විරෝධතා ඉදිරිපත් කිරීම පිළිබදව අවධානය යොමුකළ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බංඩාර තෙන්නකෝන් මහතා, අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි හා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහත්වරු සමග පෙරේදා (08)

පෙරවරුවේ සාකඡ්චාවක නිරත වූහ.මෙහිදී අනාවරණය වූයේ, විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් සදහා මෙවැනි රක්ෂණ යෝජනා ක්‍රමයක අවශ්‍යතාව මුලින්ම මතුවූයේ විශ්‍රාමික සංගම්වලින් ආ යෝජනා මතම බවයි.

අග්‍රහාර රක්ෂණ ක්‍රමය සඳහා සුදුසුකම් ලද 2018/01/01 වැනිදාට පෙර විශ්‍රාම ගත් 269,072දනකු සිටින අතර, 2018/01/01 පසු විශ්‍රාම ගත් 96,735දෙනෙකු මේ වනවිටත් අග්‍රහාර ක්‍රමයට දායක වී සිටිති. 2016/01/01ට පෙර විශ්‍රාම ගිය 269,072 වන පිරිස පසුගිය රජයන් සමයේ තමන්ටද අග්‍රහාර රක්ෂණ වරප්‍රසාදය ලබාදෙන ලෙස ඉල්ලා පෙළපාළි, උද්ඝෝෂණ පවා සිදුකළ බවද මෙහිදී අනාවරණය විය. මෙහිදී අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේ, පැවැති යහපාලන රජය 2016/01/01 පසු විශ්‍රාම ගිය 96,735දෙනෙකු අග්‍රහාර විශ්‍රාම ක්‍රමයට බදවා ගන්නා ලද්දේ කිසිදු අදහස් විමසීමකින් තොරව බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"වර්තමාන රජය එවැනි ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමවේදයක් අනුගමනය නොකොට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකින් පෙර සදභන් 269,072 වත විශ්‍රාමිකෛරාජ්‍ය නිලධාරීන් මේ ක්‍රමවේදයට අන්තර්ගහණය කරගැනීමට සැරසුණත් ඇතැම් අන්තවාදී කල්ලි මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවක් දක්නට ලැබෙනවා. මේ අය සැබෑ ලෙසින්ම මෙවැනි රක්ෂණ රැකවරණයක් අවශ්‍ය වයස අවුරුදු 60 ඉක්මවූ ජනතාවට සිදුකරන්නේ විශාල අසාධාරණයක්.

මෙවැනි වයසක පසුවන අයට පෞද්ගලික අංශයේ රක්ෂණ සමාගමකින්වත් රටා වරප්‍රසාදය ලබා නොදෙන තත්වයක්

යටතේ අපි යක් විදියට සත්භාවයෙන් මේ ගත වෑයම අගයන්න උවමනායි. මේ රක්ෂණාවරණය මගින් රුපියල් ලක්ෂ 5ක් දක්වා වරප්‍රසාද විශ්‍රාමික රාජ්‍ය නිලධාරින්ට හිමිවෙනවා. ඒ වගේම විදෙස්ගතව සිටින විශ්‍රාම්ක රාජ්‍ය නිලධාරින්ටත් මේ සදහා දායක විය හැකියි.” යැයි පැවසීය.කෙසේ වුවද මෙම චක්‍රලේඛය මගින් තම කැමැත්ත අකමැත්ත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත පළකිරීමට ලබාදී තිබූ දෙසතියක කාලය ප්‍රමාණවත් නොවන හෙයින් එම කාලය මාසයක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. මෙය කිසිලෙසකින්වත් බලෙන් ක්‍රියාත්මක කරත්තක් නොවන බවද අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා මෙහිදී පැවසීය.

(සාකල්‍යා සඳමාලී)