ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ මාස 9 ක් වන බාලවයස්කාර දියණිය දූෂ්‍ය කරන බවට තර්ජනාත්මක ට්විටර් පනිවිඩ යොමු කළ 23 හැවිරිදි තරුණයෙකු හයිද්‍රාබාද් නුවරදී මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාම්නාගේෂ් ශ්‍රීනිවාස් අකුබතිනි ලෙස හඳුනාගෙන ඇති විත්තිකරු බදාදා මුම්බායි පොලිසියේ සයිබර් අපරාධ අංශය භාරයට ගැනිණි.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානය හමුවේ පරාජයට පත්වීමත් සමඟ චූදිතයා බාලවයස්කාර දැරිය ගැන සඳහන් කරමින් විරාත්කෝලි හට ට්විටර් පණිවුඩයක් ඔස්සේ ස්ත්‍රී දූෂණ තර්ජනය කර තිබු අතර කෝලි ඒ ගැන පොලිසියට පැමිණිලි කළේය.
මූලික තොරතුරුවලට අනුව විත්තිකරු ආහාර බෙදාහැරීමේ ඇප් එකක මෘදුකාංග අංශයේ සේවය කරමින් සිටින ‘බී ටෙක්‘ උපාධිධාරියෙකි.
රාම්නාගේෂ් ශ්‍රීනිවාස් අකුබතිනි මුම්බායි වෙත රැගෙනවිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ දියණියට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඉල්ලා දිල්ලි කාන්තා කොමිසම (DCW) මේ මස මුලදී දිල්ලි පොලිසියට නොතීසියක්ද යවා තිබුණි.
කොමිසම, දිල්ලි පොලිසියට ලිපියක් යවමින්, සිද්ධිය "ලැජ්ජා සහගත" ලෙස නම් කර ඇති අතර, චූදිතයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා තිබුණි.
(එන්ඩීටීවී ඇසුරිනි - Gossiplankanews.com)
Comments
Post a Comment
Your comment will be visible after approval