සෙවණගල, වලවේගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවක ඇයගේ ස්වාමි පුරුෂයා විසින්
ඉකුත් බ්‍රහස්පතින්දා (11) රාත්‍රි වයරයකින් ගෙල සිර කර මරාදමා ඇතැයි සෙවණගල පොලිසිය පවසයි.

පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම කාන්තාව තම ස්වාමිපුරුෂයා සහ
අසල්වැසියන් සමඟ නිතර ආරවුල් ඇති කරගන්නා බවත්,

මීට ප්‍රථම සැකකරු තම පියා හට පහරදීම
හේතුවෙන් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඉකුත් 11 වැනිදා ඇප ලබා පැමිණ ඇති බවත්ය.
පසුව ඔහු බිරිය සමඟ රණ්ඩු සරුවල් කරගෙන රාත්‍රි ඇය කාමරයේ ඇඳට තබා වයරයකින් ගැටගසා ගෙල සිර කර මරාදමා ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ සෙවණගල, වලවේගම ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වන අමිලා හර්ෂනී මැන්ඩිස් (35) නමැති කාන්තාවකි.

සිද්ධියෙන් පසුව සැකකරු පොලිසියට භාරවී ඇති අතර ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ කරනු ලබයි.

බිබිල - නදුන් ගුණතිලක