2022 ලබද්දී භුකම්පනයක්, පිපිරීමක් සමඟ විශාල ජල ගැල්මක් වෙන්න නියමිත බවට යූටියුබ් නාලිකාවක් ඔස්සේ ගෝතමී මෙහෙණිය කළ හෙළිදරව්වක් පහත දක්වමු. මෙම අදහස් අනාවැකි ලෙස ඇය පළ කරන්නකි.

* මම මුලින්ම අවසර පතනවා අපේ මෙහෙණින් වහන්සේ ගෙන් ...අවසරයි මෙහෙනින්වහන්ස ...අපි අද ආවා මෙහෙණින් වහන්සේ මුණ ගැහෙන්න විශේෂ ධර්ම කරුණු රාශියක් තිබෙනවා ඔබව දැනුවත් කරන්න ....අප ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු වර්තමාන සමාජ ය  අපි මාතෘකාව කර ගත්තොත් එහෙම  ඔබ වහන්සේට කියන්න කරුණු කාරණා තිබෙනව ද වර්තමානය ගැන..කොතනින්ද අපි ආරම්භ කරන්නේ... ?

 "2022 කියන කාලය  වෙන්න පටන් ගන්නකොට මේ අවුරුද්දේ දෙසැම්බර් වල ඉඳලම මේ වසංගතය ටත් වඩා ස්වභාවික විපත් ගණනාවකට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක මධ්‍යම පළාතේ ගොඩක් අයට ඒක මතක් කරලා දෙන්න සිද්ධ වුණා....මේකට කරන්න පිළියමක් කල්පනා කළොත් පිළියමක් වශයෙන් විශේෂයෙන් කියන්න දේවල් නැහැ....වළක්වාගත නොහැකි ආකාරයේ භූ කම්පන වගයක් සිද්ධ වෙනවා... ඒ හින්දා අහිංසක ජනතාව දැනුවත් කරන එක යුතුකමක් කියලා මම විශ්වාස කරනවා...

මම ඉන්නේ දිගන කුන්ඩසාලෙ කියන හරියෙ වික්ටෝරියා ජලාශය පැත්තේ ඉඳලම එන මැද මහනුවර පැත්තේ  ඉඳලා හරි ගත්තොත් කොහේ හරි තියෙන ජල කඳක් එක ක්ෂණයක දී මහා විශාල පිපුරුමක් ඒ වගේ එක එක දේවල් එක එක විදිහට  වෙනවා වගේ මට තේරෙනවා .....එකක් කියන්න බැරි විදිහට වගේ කාරණා කටයුතු දෙකක් තුනක් මේ භූ විද්‍යාව පිළිබඳ දන්න කවුරුහරි ඉන්නවනම් ඒ පිළිබඳව හොයල බැලුවොත් වඩා හොඳයි කියලා මම මතක් කරලා දෙනවා ....ඒක මහ සාගරේ ට යනකම් බලපාන භූ කම්පනයක්....2022 ඊට වඩා භූ කම්පන වෙන්න තියෙනවා....ලොකු පිපිරීම් ගණනාවක් වෙන්න තියෙනවා....2022 දී ව්‍යසන ගණනාවක් සිදු වෙනවා  මිනිසුන් ගණනාවක් විනාශ වෙනවා...ලංකාවේ මේ කරදර මෙහෙම වෙනකොට ලෝකෙත් කරදර ගොඩක් වෙනවා...භූ චලන ගොඩාක් සිද්දවෙනවා...මේවට හැබැයි හොඳ හේතු තියෙනවා ...."



*2022 ඒ කියන්නේ මෙහෙණින් වහන්ස තව මාස එක හමාරක එකහමාරකින් තව නොබෝ දිනකින් 2022 මිනිස්සුන්ට  අසුභද මෙහෙනින් වහන්සේ ඔය කියන විදිහට .....?

  "ලෝකයේ වෙනස් වීම සියලු  සත්ත්වයාටම පොදු ධර්මතාවයක් හැටියට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හෝ මම දන්නෙ නෑ තව කවුරු හරි මේ දේවල් කියලා තියෙනවද කියලා   මට දැනෙන විදිහට මගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ පණිවිඩය කලින් දීලා තියෙනවා ඒ තියෙන විදිහටම ලෝකය පවතින්නේ නැහැ. .ලෝකය හැමදාමත් වෙනස්වෙන සුලුයි....ලෝකයේ හැම දේමත් නැසෙන සුළුයි ....අන්න ඒ ධර්මතා ඔප්පු වෙන සුලුයි ඔප්පු කරන සුලුයි.මෙන්න මේ සත්‍ය දකින්න නැති කොට අපි මිථ්‍යාදෘෂ්ටිකව  අල්ලාගෙන ඉන්නවා මේ මේ දෙවිවරු මේ මේ අය අපිව රකීවි අපිට ලෝකයබ් දේවී,මගේ ජීවිතය මට රැකලා දේවි කියලා...එහෙම දෙයක් නැහැ ....බුදු හාමුදුරුවන්ගේ සද්ධර්මය තියෙන්නේ මේකට කිසිම විශ්වාසයක් දීලා නැහැ.....2022 ඉවර වෙනකම්ම  ඒ අවුරුද්දම අපිට බොහොම නරක කාල සීමාවක්... අපි විසින් අපි වපුරපුවා අපිට ලබාගන්න දෙනවා....මේවා මේ තරඟ කරන්න කියනවා නෙවෙයි....

මට මොකක්වත් තරගයක් නැහැ මේ ලෝකෙ...තරඟයකට අවශ්‍යතාවයකුත් නැහැ මට ... මම මේ දේවල් කියන්නෙ මිනිස්සු හදාගන්න....සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ අදහන එක  අපිට ගහක් අදහන්නත් පුළුවන්,මහපොළොව අදහන්නත් පුළුවන්,සාගරය අදහන්නත් පුළුවන්,අද අහන එක ඕන එකක් අදහන්න පුලුවන් ....නමුත් අපි මේ රටේ ජාතිකයෝ...අපි එකමුතුකමින් ඉන්න ඕනේ...අපි එක හදවතකින් එක අම්මගෙ දරුවො වගේ ඉන්නව නම් වෙනත් කල්ලි හැදිලා තියෙනවා කියලා වෙනත් ලෝක වලට සම්බන්ධ වෙච්ච වෙනත් වෙනත් කල්ලි  අනු කල්ලි විසින්   මේ රටේ තුළ ඒ කල්ලි ගැසිලා ඉන්න අය ජාති ආගම් උලුප්පලා දෙන අවුස්සලා ගන්න පිරිසක් ඉන්නවා ....ඒ නිසා මේ රටේ මිනිසුන්ගේ තියෙන එක්සත් භාවය ,මිනිසුන්ගේ තියෙන සමගිය විනාශ වෙනවා....අපි මුලාවේ වැටිච්ච ඉහළ සම්පන්න කට්ටිය කිව්වොත්  රටේ නායකයෝ වගකීම්වලින් බැහැරව ඉදීම  ලොකු අසුභයක් මේ රටේ,පිටරට වලින් දෙන තෑගි ලබා ගැනීමේ කුමන්ත්‍රන ඒක අපේ රටේ ශ්‍රී ලංකාවේ ඉන්න o/l මට්ටමේ ඉගෙන ගත්ත දරුවෝ පවා දන්නවා මේ රටට වෙලා  තියෙන විනය....මේ වගේ දේවල් වෙනකොට ඉදිරියේදී අපේ දරුවන්ට මහා සෝචනීය කරදර  ගොඩක් ඉදිරියේ තියෙනවා කියන එක අනිවාර්යෙන් කියනවා...ආගන්තුකයන්ට හොඳට සලකන ජාතියක් නෙමේ නේ මේ රටේ ඉන්නේ ......

මේ භූ කම්පන වෙන්න  හේතු වන දේවල් අතීතයේ ඉඳලා කරපු දේවල් වල ප්‍රතිඵල ඉස්සරහට එනවා මොකද මනුස්ස ප්‍රජාව විනාශ කරන වැඩ පිළිවෙළක්  යොදලා ඉවරයි දැන් ඒක කරලත් ඉවරයි....එහෙම කරලා අපේ රටේ භික්ෂු සංඝයා වහන්සේලා මැණික් කැට වගේ හිටපු භික්ෂූන් වහන්සේලා සතියට සතියට අප වත් වේගන යනවා ....ඒක හොද වැඩක් නෙවෙයි...මේ ඊයේ පෙරේදත් මහා යතිවරයාණන් වහන්සේ කෙනෙක් අපවත් වුණා. ...ඒ වගේ රටේ හිටපු මහ බලවත් භික්ෂූන් වහන්සේලා  අපවත් වෙනවා කියන්නේ  මේ ශාසනයට කණ කොකා හැඬීමක් වෙනවා...කෙසේ වෙතත් මිනිසුන්ගේ තණ්හාව තාම අඩු වෙලා නැහැ....මේ වසංගතය ආවත් මේ මොනවා උනත් මිනිසුන්ගේ තණ්හාව නං තිබ්බ තැනම තියෙනවා.....ඉරිසියාව ලොකුම රට මේ රට තමයි ....ඇත්ත ඇති සැටියෙන් කතා කළොත් ,සත්‍ය සත්‍ය විදිහෙන් කතා කළොත් සත්‍ය කතා කරන කෙනා,සත්‍යවාදීව වැඩ කරන කෙනා ඝාතනය කරන ලොකුම රටත් මේ රට...ඒ නිසා මේ සද්ධර්මය  වපුරවන උතුම්ම රටත් මේ රට.....ලෝකෙ කොහෙවත් මේ වගේ බණ කියන රටක් තියනවාද කියලා දන්නේ නැහැ....ඒ නිසා පින්වත් පුතේ ලෝකෙටම දෙන්න තියෙන පණිවිඩය ලෝකය විනාස කරන්න හැදිච්ච පිරිසක් ඉන්නවා ඒ කල්ලිය විසින් ලෝකයේ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරනවා...රටවල් ගාණක අහිංසක මිනිස්සු මේවට ගොදුරු කර ගන්නවා....අන්න ඒ අපරාධය නිසා ඕකුන්ට ලොකු විශ්ව පාඩමක් උගන්නන්න මේ විශ්වය සැරසෙනවා...."



*මේ තියෙන ධර්මය තුළ ම අනන්‍යතාවය තියෙනවා මේක වෙනස් කරන්න බෑ කියලා කියල ඔබ වහන්සේ කිව්වා....ඇයි මෙහෙණින් වහන්සේ මේ විශ්වයෙන් ලැබෙන පණිවිඩ කිය කිය මිනිසුන් දැනුවත් කරන්නේ නැත්තේ...?


   "බුද්ධියේ ඉහළ මට්ටමට ගියපු කාණ්ඩ ඉඳලා  ප්‍රාථමික මට්ටමට යනකම් මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්  මකලා දාන්න පුළුවන් ඉඩකඩ තියෙන තැනක් තමයි facebook කියන්නේ.....මළපොතේ අකුරක් දන්නේ නැති  ඒ කියන්නේ අකුරක් දන්නැති මිනිස්සු නෙමෙයි මෙලොව දෙයක් තේරෙන්නේ තේරෙන්නේ නැති මිනිස්සු ඕන දෙයක් ඔහේ කියනවා ....මම දැක්ක පහුගිය ටිකේ ගැඹුරු ධර්මයක් දේශනා කරලා තිබ්බ මගේ දේශනයකට දාලා තිබ්බා මිත්‍යාදෘෂ්ටිකයන්ට පමණයි කියලා....මිත්‍යාදෘෂ්ටිකයා එහෙම කියනවා මිත්‍යාදෘෂ්ටිකයා එහෙම කිවුවහම දෙනෝදාහක් පිරිස ඒකට ඉන්නකොට  එක්කෙනෙක් විතරක් කියනවා මිත්‍යාදෘෂ්ටිකයන්ට පමණයි කියලා...මට ජාතියක් භේදයක් කිසිම දෙයක් නැහැ...නමුත් අර වගේ පිරිසක් ඉන්නවා....බුදු හාමුදුරුවන්ගේ කාලෙත් හිටිය නං ඊටත් ඉස්සරහ හිටිය නං අදටත් ඉන්නව නම්  හොඳ දෙයක් කරගෙන යන මනුස්සයට යම් යම් අවලාද කියන්න කෙනෙක් ඉන්නවනම් එයා තමයි එයාගෙ පස්ස  හෝදන කෙනා දිවෙන්.....ඒ වගේ පුතා මම ඔයාට මේ කියන කතාවේදී මේ කියන ධර්මතා පිළිබඳ ව භික්ෂූන් වහන්සේලා මේ රටේ දියුණු වෙච්ච දැන් දැන් ඉන්නවා මේ රටේ ...ඉදිරියේදී රහත් යුගයක් පටන් ගන්නවා...

දැන් මෙතන තියෙන ගැටලුව තමයි ඇත්ත රහතන් රහතන් වහන්සේලා කවුද කියන එක මොකද දැන් ගියොත් රහත් වෙලා...ගිහියෝ රහත් වෙලා ඉන්න එක තමයි ලොකුම ප්‍රශ්නෙ මෙතන තියෙන  ඇත්ත වශයෙන්ම වශයෙන්ම ථෙරවාදී බුදුදහම තුල ගිහියෙක් රහත් වුනොත්  අවබෝධය සහ අත්දැකීම ඒ අත්දැකීම තුළ ම රහත් වුනොත් ගිහිගෙහි ඉඳලා එයා හත් දවසින් මැරෙනවා .....කොහොමත් රහත් වෙන්න කට්ටිය ඉන්නවා මේක ඇතුලේ රහත් වෙනවා ම තමයි පිරිසක් ....ඒ පිරිස රහත් වෙද්දි  කියන භූකම්පන සිද්ධවෙනකොට ඒ සිද්ධාන්තය පුළුවන් තරම් අවම කරගන්නට පුළුවන් මාර්ගඵලලාභීන් ඉන්නවා,ධ්‍යානලාභීන් ඉන්නවා මේ රට ඇතුළේ....මේ භූ කම්පන එන්න ඕන....දෙයියො කරබාගෙන ඉන්න ඕනේ ඒවා වෙනකන්...ඒක දෙවියන්ගෙ න්‍යායක්.....දෙවියො දන්නවා ඒක දෙවියන්ගෙන් දඩුවමක් වෙන්නත් පුළුවන්...පොළොව මහී කාන්තාව කම්පනය වෙනවා...."

*ඇයි මේ පොළොව එහෙනම් කම්පනය වෙන්නේ...?

  "ඉර හදත් කම්පනය වෙන්න ඕනේ ....මහා සාගරයත් කම්පනය වුනා ....මේ සුළඟත් ඒ ඒ රටවල් වල කම්පනය වෙනවා....මේ කම්පනය නතර කරන්න රහතන් වහන්සේලා කියන්නේ මේ ලෝකය අතඇරියා කියන්නේ විශාල කම්පනයක් ...කම්පනය කළා කියලා කියන්නේ ත්‍රිහේතුකත්වය  මේ විශ්වය අනුගත වෙච්ච අවස්ථාවක් මම අත්වින්දා කියන මොහොත ....ඔයාගේ තියෙන සියලු සේසත මට දීලා යන්න දෙවියෝ විශ්මිත වෙනවා මහපොළොව විශ්මිත වෙනවා ඒ ස්වභාව ධර්මයා විශ්මිත වෙනවා මේ මනුස්සයාට තිබ්බ සේසත් එච්චරයි ඒ ටිකත් දීලා යනවා ...කම්පනය කරනවා .....

ලෝභය ද්වේශය මෝහය හිතේ ගාවගන්න වත් නැතුව අත ඇරලා දැම්ම එක මොන තරම් ලොකු වස්තුවක් වුණත්....අන්න ඒවගේ ඒ මොහොතක් කම්පනයක්...ඒ කම්පනය වෙන එක අපිට තේරෙන්නෙ පේන්නෙ නැහැ....මේ සාගරය ගහ කොළ පුදුමෙන් බලාගෙන ඉන්නවා ඒ දෙස...ඉර හද පවා ඒ දෙස බලාගෙන....තත්පර ගානකට ඒගොල්ලොත් නතර වෙනවා...
ඒ තරම් ත්‍රිහේතුක කියන වචනය බලසම්පන්නයි ....එක සියලුම ආගම්වල අය ඉගෙන ගන්නවා නම් ලොකු දෙයක් ....ඒගොල්ලොත් දන්නෙ නැතුව ත්‍රිහේතුක වෙනවා වෙන්න පුළුවන්.... මම දැනුවත්ව ක්‍රිස්තියානි ආගමේ අය විශාල දේවල් දෙනවා....අනාථ වෙච්ච දරුවෝ අරගෙන මල් කැකුළු වගේ ලස්සනට අන්දලා උගන්නලා ලස්සන ට කවලා පොවලා පෝෂණය කරලා අධ්‍යාපනයේ දීලා ලොකු මහත් කරනවා  කිසිම ලෝබ කමක් නැහැ .....ඒ වගේ දේවල් කිවුවහම අපි දෙයක් දෙන කොට  ඒ දේ උගන්වන කොට ලෝභයක් නැතුව  පවා අපි ළඟ ත්‍රිහේතුක වෙන්න පුළුවන්...."



*අත්හැරීම ද දානය ද ඒකට මූලික වෙන්නේ මෙහෙනින් වහන්ස මේ දෙකම එකක් ද ...?


  "අත් හැරීම ....ඒකට බොහෝ දේවල් අයිතිවෙනවා ගෙවල් දොරවල්,පාර වල් දැන් කාලේ මිනිස්සු දොරකඩ හිටගත්තත් බයිනවා...වාහනය නතර කළේ ඇයි කියලා බනිනවා...ඒ වගේ මිනිස්සු ඉන්න සමාජයක් තුළ තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ...බණත් අහනවා හැමදාම ගෙදර බණ දාගෙනත් ඉන්නවලු ,ලෝභය ද්වේශය මෝහය ඉගෙන ගන්නෙම නැහැ...මේ ත්‍රිහේතුක  ධර්මතාවය මුළු භික්ෂූන් වහන්සේලාම දේශනා කළ යුතුයි ....මගේ මෙහෙණි සස්නට මම ගෙන ලොකු ධර්මතාවක් අනුව කෙලින් වහන්සේලා අතර ඉන්නවා උගත් බුද්ධිමත් මෙහෙනින් වහන්සේලා උන් වහන්සේලා නිහඬව බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන් නමුත් එතනත් ඉන්නවා වටිනා මෙහෙනින් වහන්සේලා ....මේ ත්‍රිහේතුක කුසල කියන්නේ කම්පනය ..."

*ප්‍රබල කම්පනයක් ඇති කරන්න මෙහෙණින් වහන්ස ශරීරයෙන් භාවනාවද වඩන්න ඕන,ආධ්‍යාත්මය ද වඩන්න ඕනේ ,නැත්නම් දානයද වඩන්න ඕන ,දාන සීල භාවනා මේ තුනේ ද යන්න ඕන ....?


   "දාන සීල භාවනා කියන ඒවා අපි හොඳට කරලා තියෙන්න ඕනේ ...ත්‍රි හේතුක අපි තුළ තියෙන්නට පුළුවන් බොහෝවිට....එහෙම වුණත් මේ ධර්මයේ ගැඹුර අවබෝධ වෙනවා... .ඒක අනිවාර්යෙන් එහෙමයි .....ත්‍රිහේතුකත්වය කියන ධර්මතාවය මම මෙතනදි හගවන්නේ අපි හැමෝම අපි මේක දන්නෙ නැහැ ...අපි ලඟ මේ ත්‍රිහේතුක කුසල තියෙනවද කියලා දන්නේ නැහැ ....ඒක ඇතුවා හෝ නැතුවා හෝ මම කියන්නේ...අපි හොඳට කුසල් වඩමු....ඒ කුසල් වඩන කොට අපේ හිතේ ලෝභය ද්වේෂය මෝහය නැති වෙනවා ....මෛත්‍රිය කරුණාව සම්පූර්ණයෙන් අපි ළඟ පිහිටනවා මේ ලෝභය ද්වේශය මෝහය අපි ළඟ නැති කර ගන්න කොට....නව දිශාවටම දිසාවටම මෛත්රිය පතුරන අයගේ ඕක තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ...උදේ හවස මෛත්‍රී භාවනාව වඩනවා කියන අයගෙ ළඟවත් ඕක තියෙනවා මම දැකලා නැහැ....ඉස්සර කාලේ ඉඳලා හොඳ මිනිස්සු හිටියා ඕන දෙයක් ඉවසා දරාගෙන...ඒ අය කරුණාවන්තයි .....

ඒ වගේ සහජ කරුණාවෙන් ඉපදිච්ච මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා....සමහර පැවිද්දෝ හයියෙන් කතා කරනවා ...නමුත් ඒක කරුණාව නැති කම නෙවෙයි ....භූ කම්පනයක් ඇති වෙනවා කියන්නේ අපේ තියන නරක පතුරපු නිසා, ඊර්ෂ්‍යාව පතුරපු නිසා,වෛරය පතුරපු නිසා මිනිස් දහමට කරන නිගාදය නිසා,හිංසනය නිසා,ලෝකයේ දරුණු විනාශයක් විද්‍යාවේ දරුණු විනාශයක් අන්න එතන සිද්ධ වෙනවා කියන එකයි මම මේ කියන්නේ..."

වීඩියෝව - Dhanush Vlogs SL