ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් පරිදි සෙත්සිරිපාය සහ ඒ ආසන්නව පිහිටි කාර්යාල සේවකයන්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී  ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සෙත්සිරිපාය පරිශ්‍රයේ සිට නව බස් සේවාවන් රැසක් ඊයේ (16දා) ආරම්භ කෙරිණි. 



සෙත්සිරිපාය කේන්ද්‍ර කරගනිමින් කිරිඳිවැල - යක්කල - කටුනායක - පාදුක්ක - මතුගම - හොරණ -
අවිස්සාවේල්ල - නිට්ටඹුව - කොළඹ කොටුව - දෙමටගොඩ දුම්රිය ස්ථානය සහ  කඩවත දක්වා බස්
සේවාවන් 11ක්  මේ අනුව ආරම්භ කර ඇත.

එම කාර්යාල සේවාවන් ආරම්භ කිරීම  ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමත් සමඟම රැකියා සඳහා පැමිණෙන කාර්යාල සේවකයන්ගේ පහසුව සඳහා
මෙම බස් සේවාව ප්‍රවාහන අමාත්‍යාංශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ බව ප්‍රවාහනඅමාත්‍යාංශය පවසයි.



බත්තරමුල්ල - සෙත්සිරිපාය සහ ඒ අවට රාජ්‍ය ආයතනයන්හි සේවයේ නියුතු කාර්ය මණ්ඩලවල
සෞඛ්‍යාරක්ෂාවත්, තනි බස් සේවාවකින් පහසුවෙන් තම ගමනාන්තයන් වෙත යෑමට හැකි වන පරිදි මෙම
බස් සේවාවන් සැලසුම් කර ඇත.

මෙම කාර්යාල ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්
මොන්ටි රණතුංග, ශ්‍රී  ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්වරුන් ඇතුළු
නිලධාරීහු රැසක් සහභාගී වූහ.