One-and-a-half-lakhs-worth-of-property-stolen-from-a-building-material-sales-center-in-Nawala

රාජගිරිය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කඩා භාණ්ඩ සොරා ගැනීමට උත්සාහ කොට එය ව්‍යර්ථ වීමෙන් පසුව නාවල ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක් කඩා රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න භාණ්ඩ තොගයක් සොරාගත් දෙදෙනකු  (17දා) අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි. 



51 හා 46 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් දෙහිවල සහ රාජගිරිය, අරුණෝදය මාවතේ පදිංචිකරුවෝ වෙති.සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් පැමිණ රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කැඩීමට පසුගිය 13 වැනිදා උත්සාහ කර තිබෙන අතර, එය ව්‍යර්ථ වීම නිසා නාවල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක් කඩා එහි තිබූ විදුලි මනුවට සවිකරන වයර්රෝල් දෙකක් සහ වතුර මෝටර් පහක් සොරාගෙන ගොස් තිබු බවට කළ පැමිණිල්ල මත සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථ අංකය අනුව පරික්ෂණ පවත්වා සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු දෙහිවල පොලිස් වසමට අයත් දිවයිනේ  ලියාපදිංචි අපරාධකරුවකු වන අතර ඔහුගෙන් ලද තොරතුරකට අනුව සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සොරාගත් වතුර මෝටර් සහ වයර්රෝල් තොගය පොලිස් භාරයට ගෙන තිබේ. ම

ොවුන් දෙදෙනා ඉකුත් ඔක්තෝබර් මාසයේදී ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකින් රුපියල් 35,000ක් වටිනා දුම්වැටි තොගයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි දෙදෙනකු බවද පොලීසිය පවසයි.

 සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චින්තක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති දසනායක මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)