ආණමඩුව ප්‍රදේශයේ පැවැති ජනහමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මෙසේ පැවැසීය.
“ මම කියන්න ඕන තැන්වලට කියලා තියෙනවා. මට ඕන වෙලාවක මගේ ඇමැති තනතුරෙන් ඉවත් වෙන්න
සූදානම්. ඇමැතිකම් දෙකකින් ඉවත් වුණු මට තුන්වැනි එකෙන් ඉවත්වන එක ප්‍රශ්නයක් නෙවි.
මම කප්පම් අරගෙන නැහැ. බලෙන් ඉඩම් අරගෙන නැහැ. රාජ්‍ය ත්‍රස්තවාදය මම දාලා නැහැ.
රාජ්‍ය නිලධාරින් බය කරලා වැඩකරගෙන නැහැ. මම තවත් ඉවසන්නේ ඔබ වෙනුවෙන්. ඔබට තියෙන
යුතුකම මට ඉටුකරන්න බැරිනම් ආණ්ඩුව තුළ මගේ ඇමැතිකම මොකටද?
ආසනයක් විදිහට දිස්ත්‍රික්කයක් විදිහට නිදහසේ වැඩ කරන්න බැරි නම් මම හෙට වුණත් ලෑස්තියි ඇමැතිකම
අතහරින්න. ඇමැතිකම අතහැරියත් මම වැටෙන්නේ ඔබ ළඟටයි. මොකද මම වැටෙන්නේ කුණු බක්කියට නෙමෙයි.
අපේ නායක්තවය මෙය තේරුම් ගන්න ඕන. මම ලියපු ලියුම් දෙකකට තවම උත්තර නැහැ. මම කිව්වා මගේ
ලියුම්වලට උත්තර නැතිනම් නැහැ කියලා කියන්න කියලා. අද ජනතාව කලකිරිලා ඉන්නේ. මගේ නෝනත්
මගෙන් අහනවා දැන් සැපද කියලා, ගෑස් නැති නිසා. මම කිව්වා සැපයි කියලා.
මට අයින්වෙලා
හොඳට ගෙදර නින්ද යනවා. මොකද මම හොරකම් කරලා නැහැ. හොරුන්ට එහෙම බැහැ. හොරු කොතන
හරි රැඳිලා ඉන්න ඕනේ. වැවක් ඕනනම් රුපියල් ලක්ෂ 15ක් නායකයාට දෙන්න ඕන. මේකද දේශපාලනය?
අපි සන්තෝෂ වෙනවා අනුන්ගේ සල්ලිවලින් යැපෙන්නේ නැති නිසා අපිට හෙණ වදින්නේ නැහැ. දයාශ්‍රිත,
නියොමාල් පෙරේරා අපිත් එක්ක නැහැ. මොකද ඔවුන්ද අපිට ගිලිහිලා තියෙන්නේ.
තීන්දුවක් දුන්නේ නැති නම් මම තීන්දුවක් ගන්නවා එහෙම වුණොත් සමාවෙන්න, පක්ෂය අපිට සලකන්නේ නැතිව අපි කොහොමද ජනතාවට සලකන්නේ යනුවෙන්ද”
0 Comments