සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසළ ට්‍රැවලින් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් හමුව ඇත.  මෙම ට්‍රැවලින් බෑගය කසළ ගොඩක් අසළ තිබී හමුවී ඇති අතර, මේ පිළිබඳව කළ විමසීමකදි සපුගස්කන්ද පොලීසිය විසින් කියා සිටියේ, මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති බවයි. මෙම සිදුවීමට අදාළව වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.