ප්‍රාණ භුක්තිය නොතියා නිවස තමා නමට ලියා දෙන ලෙසට ඉල්ලා 72 හැවිරිදි තම නැන්දාට පහර දී තුවාල සිදුකර, නිවසට ගිනි තැබූ බව කියන ඇගේ ඥාති පුතා අත්අඩංගුවට ගැනීමට මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. මුල්ලේරියාව මීගහවත්තේ පදිංචි මෙම 30 හැවිරිදි පුද්ගලයා දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය කියයි. සැකකරු මත්කුඩු ලෝලියකු බවටත්, ඔහු මත්කුඩු, අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානයට තදින්ම ඇස්බැහිවී සිටින්නකු බවටත් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. ළදරු වියේ මොහුගේ මව මියගොස් ඇති බවත්, එදා සිට මව මෙන් ඔහු ඇති දැඩිකර ඇත්තේ පියාගේ නැගණිය වන (සැකකරුගේ නැන්දා) ඉහත වයෝවෘද්ධ කාන්තාව බවත්, ඇය අවිවාහක බවත් පොලිසිය කියයි.
ඔහු ඇති දැඩි කළ මෙම වයෝවෘද්ධ කාන්තාවට අයත් ඉඩම් කොටසක් ඔහු ඇය බියකර මීට මාස කිහිපයක පෙර විකුණා එම මුදලින් මත්කුඩු පානය කර ඇති බවත් පොලිසිය පවසයි. එම මුදල් අවසන් වීමෙන් පසුව ඉහත නිවස විකිණීමට උත්සහ ගත්ත ද එය තම නැන්දාගේ ප්‍රාණ බුක්තිය යටතේ පවතින බැවින් එය අසාර්ථක වී ඇත. එයට උරණ වූ සැකකරු ඇයට නිතර පහර දෙමින් ප්‍රාණ බුක්තිය නොමැතිව ඔහුට මෙම නිවස සහිත ඉඩම ලියා දෙන ලෙසට තර්ජනය කර ඇති බවද පොලිසිය කියයි.. සිද්ධිය වූ ඉකුත් 17 වැනි දින ඔහු තම නැන්දා සමග ආරවුලක් ඇති කරගෙන ඇයට පහර දී නිවසට ගිනි තබා ඇත.
අසල්වාසීන්, පොලිස් හදිසි ඇමතුම් අංශයට (119)ට සිද්ධිය දැනුම් දීමෙන් පසු මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිමල් සුසන්ත මහතා ප්රමුඛ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ගිනි නිවන හමුදාව ද ගෙන්වා නිවසේ ගින්න නිවා දමා තිබේ. අසල්වාසීන් වහාම ක්‍රියාත්මක වීම නිසා ගිනෙන් පිළිස්සී ඇත්තේ නිවසේ තිබූ පුටු කිහිපයක් පමණක් බවද පොලිසිය පවසයි. මෙම පුද්ගලයා මත්කුඩු පානය කර අසල්වාසීන්ට ද හිරිහැර කරන බවටද පොලිසියට පැමිණිලි ලැබී ඇත.
ඉන්දිකා රාමනායක
0 Comments