එක්සත් ජනපද රැප් ගායක ට්‍රැවිස් ස්කොට් පසුගියදා පැවැත්වූ ඇස්ට්‍රෝවර්ල්ඩ් සංගීත ප්‍රසංග අවස්ථාවේදී තෙරපීම් නිසා පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් සිය ගණනක් තුවාල ලැබීමෙන් පසු විවිධ චෝදනාවක්ට මුහුණ දී සිටී.
ඔහුට එල්ල වන ප්‍රබලම චෝදනාව නම් මිනිත්තු 75 ප්‍රසංගය අතරතුර සෙනග මියයන තරම් අපහසුතා ඇති කරමින් තෙරපීමට ලක්වෙද්දීත් එය දැක දැක ඔහු ක්‍රියාමාර්ගයක් නොගෙන ප්‍රසංගය දිගටම පැවැත්වීමයි. එම ක්‍රියාව නිසා තෙරපීම් තවත් වැඩිවූ බව දන්වා තිබේ.


මෙයට සාක්ෂි ලෙස ප්‍රසංගයේ වීඩියෝවක්ද සමාජ මාධ්‍ය වෙත සංසරණය වන අතර ප්‍රසංගය අතරතුර ගිලන් රථ පැමිණ තුවාල කරුවන් රැගෙන යන අවස්ථාවේ ඔහු මදකට සංවේදී වන අයුරු එහි දැක්වේ. නමුත් ඔහු නවත්තන්නේ නැත.
ස්කොට් ඔහුගේ විස්මිත රංගන ශිල්පි ඩ්‍රේක් සමග සෙනඟ උසිගන්වන ලද බවට චෝදනා කෙරෙන අතර ප්‍රසංග නිෂ්පාදක ලයිව් නේෂන් ප්‍රමාණවත් ආරක්ෂක පියවරයන් සැපයීමට අපොහොසත් විම ගැනද චෝදනා එල්ලවී තිබේ.
රැප් ගායකයින් සහ ලයිව් නේෂන් තවම මේවාට සෘජුවම ප්‍රතිචාර දක්වා නැත.
විපතට පත් වූවන්ගේ පවුල්වලට උපකාර කිරීමට තමා කටයුතු කරන බව පමණක් ස්කොට් පවසා තිබේ.

හූස්ටන් හි නීතිඥ Tony Buzbee සඳුදා නිවේදනය කළේ ඛේදවාචකයට තුඩු දුන් "දරුණු නොසැලකිල්ල" සම්බන්ධයෙන් තම සමාගම පැමිණිලිකරුවන් 35 දෙනෙකු වෙනුවෙන් නඩුවක් ගොනු කරන බවයි.

නිසි ආරක්ෂක සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා මෙම නඩුව ස්කොට් සහ Live Nation ඇතුළු විනෝදාස්වාද සමාගම මෙන්ම උත්සවයේ ප්‍රවර්ධකයන්ට සහ කළමනාකාරීත්වයට එරෙහිව නඩු පවරන බව Buzbee පැවසීය.

(බීබීසී ඇසුරිනි -Gossiplankanews.com)

 ප්‍රසංගය අතරතුර ගිලන් රථ පැමිණ තුවාල කරුවන් රැගෙන යද්දීත් එය දැක දැක ඇගිලි ඔසවන්න කියමින් තෙරපුම වැඩි කරමින් පිරිස උසිගැන්වූ අයුරු දැක්වෙන වීඩියෝව පහතින්