Someone-has-given-stars-to-Shashi-Nishadi-to-sling-mud-Weeraketiya--kusuma-podi-sadu

පසුගිය දිනවල ෆෙස්බුක් ඔස්සේ රැල්ලක් බවට පත්ව තිබුණ ‘ශෂී නිෂාදි සජීවී ගේම් වීඩියෝ‘ සම්බන්ධයෙන් බොහෝ අය දැනුවත්ය.
මෙහිදී සිදුවූයේ අන්තර්ජාලයේ ගේම් එකක් සජීවීව ක්‍රීඩා කරන තරුණියක හා එය නරඹන්නන් අතර ඇතිවන අන්තර් ක්‍රියාවන්ය.  එහිදී වැඩිහිටි සමාජ ශාලාවන්හි සිදුවන ආකාරයට මුදල් විසි කළ විට නර්තනයේ යෙදෙන කාන්තාවක පරිද්දෙන් මෙම ශෂී නිෂාදි නමැති තරුණියට අන්තර්ජාලය ඔස්සේ ඩොලර් කිහිපයක් ගෙවූ විට ඇයට තරු ලැබෙන අතර තරු ඔස්සේ ඇයට ෆේස්බුක් වෙතින් කොමිෂන් මුදලක් ලැබේ. මේ නිසා එම තරු ලබාදෙන්නාට ඇය ස්තූති කරන්නේ නම කියවමින් පස්ස වනා නැටුමක්ද කරමිනි.එය එක්තරා අශ්ලීල ගනුදෙනුවක් වුවත් මෙහි පවතින අමුත්ත නිසාම රැල්ලක් දැන් බිහිව ඇති අතරම තවත් ශෂී නිෂාදිලාද රැසක් බිහිව තිබේ.



මෙලෙස ශෂී නිෂාදිට මුදල් දුන් අය අතර මුල් කාලයේ ‘සඳරු අයියා‘ නම් කෙනෙකු බොහෝ ප්‍රසිද්ධ විය. ඇතැමුන් තමන්ගේ ව්‍යාපාර ආයතන ප්‍රවර්ධනයටද මෙලෙස නම් කියවා ගැනීම කලකට ඉහත ප්‍රකට විය. එහිදී මුදල් ලබාදෙන පාර්ශ්වය ඇත්තටම ඒ නම්වල හිමිකරුවන්ද යන්න ගැන සෙවිල්ලක් නැති අතර යන්ත්‍රයක් මෙන් ක්‍රියාකරන තරුණිය ඒ හැමදෙනාම සිහිපත් කර නටා ‘තැන්කූ‘  කියයි.

මේ අතර කිසියම් පිරිසක් ‘වීරකැටියේ කුසුම පොඩි සාදු‘ නමින් මුදල් ලබාදෙමින්  ශෂී නිෂාදිගේ එකී වැඩසටහනට මුදල් ලබාදී ඇතැයි පසුගිය දිනවල වාර්තාවූ අතර ඇය ඒ නම කියවූයේ සාදු කියමිනි.තරු මිලියන 75 ක් දුන් බව කියමින් ඇය වැඳගෙන නටන්නීය. මෙම නම් කියවීම හාමුදුරුවන් වහන්සේගේ නම අවභාවිත කරමින් සිද්ධවූවක් බවට මේ වනවිට තොරතුරු ලැබේ.
වීරකැටියේ කුසුම පොඩි සාදු එම ප්‍රදේශයේ 6-10 ශ්‍රේණි සඳහා උපකාරක පන්ති පවත්වන හිමිනමක වන අතර එහිමියන් සමග තරග කරන අවට ටියුෂන් තරග කාරයෙකුගේ ‘මඩ වැඩක්‘ ලෙසද මෙය අනුමාන කර තිබේ.


තමන් නොවන කෙනෙකු තමන් ලෙස පෙනී සිටිමින් සිදුකරන අවැඩ නිසා සිත්තැවුලට පත් ස්වාමින් වහන්සේ යූටියුබ් ඔස්සේ පැහැදිලි කිරීමක්ද සිදු කර ඒ තමා නොවන බවට කියා තිබේ.
ශෂී නිෂාදි නිසා අන්තර්ජාලයේ රැල්ලක් ඇතිවීම වාසිදායක යයි ඇතැමුන් තර්ක කර ඇති මුත් පාලනයෙන් තොරව සිදුවන මෙවැනි සිදුවීම් නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සිදුවන චිත්ත හානිය බලවත්ය. එය නැවත සිදුවිය නොයුත්තකි.
(Gossiplankanews.com)

ශෂී නිෂාදි මුදල් දුන් හාමුදුරුවන් ගැන කියමින් නටන වීඩියෝව හා  වීරකැටියේ කුසුම පොඩිසාදු දැක්වූ ප්‍රතිචාරය ඇතුළත් වීඩියෝව පහතින්