අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවනය ඉතා අඩුමට්ටමක පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ ඊයේ (2) පස්වරුව වන විට සමස්ත බස්රථ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ ධාවනය වූ බවයි.





එම තත්ත්වය යථා තත්වයට පත්වීමට සති කීපයක් ගතවනු ඇති බව ඔහු පැවසීය.

    බස් රථ ධාවනයේ පළමු දිනය වූ පෙරේදා (1) කොළඹින් බස් රථ 537 ක් පිටත්ව ගොස් ඇති බව කී ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ඊයේ පස්වරුව වන විට බස් රථ 500 ක් පමණ කොළඹින් පිටත්ව ගොස් තිබූ බව ද සඳහන් කළේය.