බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මොල්නපිරවීර් කරලට මෙරට කොරෝනා තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පසුගිය සතියේ ප්‍රකාශ කර තිබූ නමුත් එම කළ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවට දැන් කරුණු අනාවරණයවී ඇත. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (17) කළ ප්‍රකාශයක් අනුව එය දැනගන්නට ලැබේ.
ඇමැතිවරිය කියා සිටියේ මෙසේය.
‘එංගලන්තෙ එහෙම කරලක් අනුමත වෙලා තියනවා. හැබැයි ලංකාවට ගේන්න මං දන්න තරමට කොවිඩ් සම්බන්ධ තාක්ෂණික කමිටුව වත් ඖෂධ නියාමන අධිකාරියවත් අනුමත කරල නැහැ තවම. අලුත් බේතක් ගේනව නං ඒ දෙකේම අනුමැතිය අවශ්‍යයි. තාම අනුමතකරල නැහැ. ඉදිරියේදී වෙයිද දන් නැහැ.‘
0 Comments