china-fertilizer-sues-sri-lanka

ප්‍රශ්නගත කාබනික පොහොර තොගය මෙරටට සැපයීමේ කොන්ත්‍රාතුව භාරව සිටින චින්දාඕ සීවින් බයෝටෙක් ගෲප් නම් චීන සමාගම ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බව වාර්තා වේ.



ජාතික ශාඛ නිරෝධායන ආයතනයේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය සහ අසත්‍ය වාර්තා හේතුවෙන් තමන්ට ඩොලර් මිලියන අටක අලාභයක් සිදුව ඇති බව එහි දැක්වේ.

උෂ්ණත්වය සෙල්සියස් 600 කින් ජීවානුහරණය කළ තමන්ගේ පොහොර තොගය තුළ වාර්තාවේ දැක්වෙන ආකාරයට අහිතකර බැක්ටීරියා පැවතිය නොහැකි බවත් මෙය විද්‍යාත්මක බාවයෙන් තොර පරීක්ෂණයක් බවත් දන්වා තිබේ.



එන්තර වාසිය ලැබී දින තුනක් ඇතුළත තමන්ට මෙම අලාභය ගෙවිය යුතු බව ද මෙම එන්තර වාසියෙන් චින්ඩාවෝ සමාගම දන්වා තිබේ.

මේ අතර ඔවුන් ඉල්ලා තිබෙන්නේ මෙම තත්වය නිවැරදි කිරීමට යළි පරීක්ෂණයක් කර ඇත්ත තත්වය එළි කළොත් අදාළ නඩුව සමථයකට පත්කරගන්නා බවකි.
 
කෙසේවුවද, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා එවැනි එන්තර වාසියක් තවමත් ලැබී නොමැති බව මාධ්‍යට පවසා ඇත.