controversy-has-now-enveloped-johnson-s-father
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ පියා වන ස්ටැන්ලි ජොන්සන්  ලිංගික අතවරයන් කළ බවට කාන්තාවන් දෙදෙනෙකු විසින් චෝදනා එල්ල කරනු ලැබ තිබේ. ඔවුන්ගෙන් එක් අයෙකු වන්නේ කොන්සර්වේටිව් මන්ත්‍රීවරියකි. අනෙක් කාන්තාව මාධ්‍යවේදිනියකි. මේ සිද්ධි දෙකම පරණය, නමුත් දැන් කරළියට ඇවිත් තිබේ. දේශපාලනඥයකු වූද ලෝක බැංකුවට ද සම්බන්ධ වී සිටි අයෙකුවූද ස්ටැන්ලි ජොන්සන් මීට පෙර බොහෝ වාරයක් ප්‍රවෘත්තිවල මාතෘකා මැවූ අයෙකි.

මෙම චෝදනා නගන එක් කාන්තාවක වන කැරොලයින් නොක්ස් කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරියක වන අතර දැනට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කාන්තාවන් පිළිබඳ කමිටුවේ සාමාජිකාවක් ද වේ. ඇය  ‘ස්කයි නිවුස්’ වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ පියා තමාට අතවර කළ බවට බරපතළ චෝදනා එල්ල කළාය. කැරොලයින් නොක්ස් චෝදනා කරන්නේ ස්ටැන්ලි ඇයව නුසුදුසු ලෙස ස්පර්ශ කළ බවයි.

මෙම හාහෝව යන අතරේ පසුව මාධ්‍යවේදිනියක ද එවැනිම චෝදනා එල්ල කළාය.

කැරොලයින් නොක්ස් පැවසුවේ 
මම හිතන්නේ ස්ටැන්ලි ප්‍රසිද්ධ පෞරුෂයක්. ස්ටැන්ලි මේ සිද්ධිය වන විට ඩෙවෝන් ප්‍රදේශයේ කොන්සර්වේටිව් අපේක්ෂකයෙක්. ඔහු මට අනිසි ලෙස ස්පර්ශ කළ අතරම ඔහු නොමනා ලෙස හැසිරෙමින් එතැනින් පිටව ගියා. ඔහු අසභ්‍ය අදහස් ද මට පළ කළා.


ඇය පවසන පරිදි මෙම සිදුවීම 2003 දී පක්ෂයේ වාර්ෂික රැස්වීම අතරතුර සිදු විය.

ඒ වෙනකොට අපි දෙන්නම මැතිවරණයට ඉදිරිපත් වෙන්නයි හිටියේ. එතකොට මට අවුරුදු 30ක් විතර ඇති, මට හොඳ නරක හොඳට තේරෙනවා නමුත් බයක් තිබුණා.


ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නොක්ස් පැවසුවේ -
එවැනි සිදුවීම් ගැන කතා කිරීම මගේ යුතුකමක් ලෙස සලකනවා. මෙයට හේතුව අනාගතයේ කාට හෝ මෙවැනි දෙයක් සිදුවුවහොත් ඊට එරෙහිව හඬක් නැගිය හැකි බැවින්.
ඒ වෙලාවෙ මට ඒක කරන්න බැරි වුණාට අදත් මම නිහඬව හිටියොත් මගේ දුවටත් නිහඩ වෙන්න වෙනවා. ඉතින් අපි තීරණය කරන්න ඕන හරි දේ මොකක්ද, අපි යා යුත්තේ කුමන දිශාවටද?


නොක්ස් ට අනුව මෙවැනි විගඩම් වලට එරෙහිව මුනිවත රැකීම යනු වැරදි මිනිසුන් දිරිමත් කිරීමකි.


කැරොලයින් නොක්ස්ගේ බරපතල චෝදනා වලින් පසුව, New Statesman ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී එලිබෙ රේ ද එවැනිම පැමිණිල්ලක් කළාය. ඇය සමාජ මාධ්‍ය වේදිකාවල කතා කළාය. ඇය කීවේ-

2019 වසරේ කොන්සර්වේටිව් පක්ෂයේ සමුළුවක් පැවැත්වුණා. මේ කාලය තුළ ස්ටැන්ලි මා සමඟ ද ඒ ආකාරයෙන්ම නොහොබිනා ලෙස හැසිරී තිබෙනවා. සත්‍යය පැවසීමට මට ධෛර්යය ලබා දීම ගැන මම නොක්ස්ට ස්තූතිවන්ත වෙමි. හැම බලවන්තයෙක්ම කරන වැරදි වලට විරුද්ධව කතා කරන්න අපිට අයිතියක් තියෙනවා එතකොට ඒ කෙනා අගමැතිතුමාගේ තාත්තා වුණත්.


යනුවෙනි.

නොක්ස්ගේ චෝදනා සම්බන්ධයෙන් බොරිස්ගේ පියා ස්ටැන්ලි පැවසුවේ මෙපමණකි.

මට නොක්ස් ගැන කිසිවක් මතක නැත, නමුත් සියල්ල සිදුවන්නේ එලෙස ය. ඒකයි මම උත්තර දෙන්න කැමති නැත්තේ.


(ස්කයි නිවුස් ඇසුරිනි - Gossiplankanews.com)