නේපාලය තුළ PfizerBioNTech මාදිලියේ coviD-19 මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් එකවර ගබඩා කර තැබිය හැකි ආකාරයේ අධිශීත ගබඩාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි. ඉදිරියේදී ඇමෙරිකා එක්සත් ජනපදයත් සමග පිවිස ඇති එකඟතාවකට අනුව එරට වෙත මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 60ක ප්‍රමාණයක් හිමිවීමට නියමිතව තිබීමත් සමග ඔවුන් මෙම තීරණයට පිවිස තිබේ.
ඒ අනුව මෙම අධි ශීත ගබඩාව ඉදිකිරීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව නේන්ථියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ප්‍රවාහන ප්‍රධානියා වන උපේන්ද්‍ර ධුර්ගානා, "අපිට දැනටමත් යුනිසෙෆ්, USAID සහ FBI යන ජාත්‍යන්තර ආධාර ආයතනවලින් මෙවැනි සෙල්සියස් අංශක සෘණ 80ක් පමණ වන අධි ශීතකරණ පහසුකම් ලබාදෙන්න සහතික වෙලයි තිබෙන්නේ. අපිත් තවත් ශීතකරණ කිහිපයක් මිලදී ගන්නවා." යනුවෙන් පවසයි.නේපාලයේ දත්ත අනුව අද වනවිට එරට තුළ එක්වරකට ගබඩා කර තැබිය හැකිව ඇත්තේ, සෙල්සියස් අංශක ඍණ 80ක තැත්පත් කර තැබිය යුතු Pfizer BioNTech එන්නත් මාත්‍රා ලක්ෂයක් පමණකි.
පසුගිය සතියේදී න්නේපාල කැබිනට් අනුමැතියකට අනුව තවත් Pfizer-BioNTech එන්නත් මාත්‍රා ලක්ෂ 60ක් මිලදී ගැනීමට තීරණය වී තිබේ.
එහිදී එක්සත් ජනපදය සමගින් ඇති කරගත් අනාවරණය නොකරන ලද එකඟතාවකට අනුව මෙම එන්නත් තම රටට ලැබෙන බව නේපාලය පවසා තිබේ.Pfizer-BioNTech සමාගමට අනුව සිය coVID-19 එන්නත් මාත්‍රා සෙල්සියස් අංශක සෘණ 80ක උෂ්ණත්වයක් පවතින මධ්‍යම ගබඩා පරිශ්රයක තැන්පත් කළ යුතුව ඇත. එසේම එම එන්නත් සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා වූ උෂ්ණත්වයකදී දින 31ක කාලයක් තබඩා කර තබාගත හැකි බවත් එම සමාගම සඳහන් කර තිබේ.
0 Comments