covid-vaccine-finding-uk

COVID-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණයක් සිදු කරගත් පිරිසට සාපේක්ෂව පූර්ණ එන්නත්කරණයක් සිදු නොකරගත් පිරිස වෛරසයට ගොදුරුව මරණයට පත්වීමේ අවස්ථාව 32 ගුණයකින් ඉහළ බව බ්‍රිතාන්‍ය තුළ සිදුකළ අලුත්ම අධ්‍යයනයක් මගින් අනාවරණය කරයි. 

මෙය එංගලන්තයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය මගින් මෙම දත්ත නිකුත් කර තිබේ. ඒ අනුව පූර්ණ එන්නත්කරණය සිදු නොකරගත් පිරිස අතරින් ලක්ෂයකට සිදුවුණු මරණ සංඛ්‍යාව 849.7ක් වන බවත්, පූර්ණ එන්නත්කරණය සිදු කරගත් පිරිස අතර එය ලක්මයකට 26.2ක් වන බවත්

මෙහිදී අනාවරණය කර තිබේ.මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය අවසානය දක්වා කාලය තුළදී රැස් කරගත් දත්ත අනුව එම කාර්යාලය මෙම කරුණු සඳහන් කරයි. ඒ අනුව ජනවාරී 02දා සිට සැප්තැම්බර් 24දා දක්වා කාලය තුළ එංගලන්තය තුළ එන්නත්කරණය සිදු නොකරගත් රෝගීන් 34,474 දෙනෙකු වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇත.මෙම කාලසීමාවේදී පූර්ණ එන්නත්කරණය සිදු කරගත් පිරිස අතරින් ජිවිත අහිමිවී ඇත්තේ 4,479 දෙනෙකුට පමණාකි. ඒ අතරින්ද වැඩිම මරණ සංඛ්‍යාවක් වත 3,200ක් වාර්තා වී ඇත්තේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළදී බවත්,

 එය එංගලන්තය තුළ තෙවැනි බූස්ටර් මාත්‍රාව ආරම්භවීමටත් පෙර බවත් සඳහන් වෙයි.මෙම සතිය ආරම්භ වනවිට ලොව පුරා COVID-19 හේතුවෙන් මරණයට පත්වූවත් සඛ්‍යාව ලක්ෂ 50ක් එනම්, කෝටි භාගයක සීමාවට ළගා විය.මෙම අලුත්ම අධ්‍යයනය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින

එංගලන්තයේ මහජන සෞඛ්‍ය පිළිබඳ යේල් විද්‍යාලයේ බෝවන රෝග පිළිබද විශේෂඥයෙකු වන ආචාර්ය ඇල්බර්ට් කෝ. පවසා සිටියේ. ''මෙය අපගේ ජිවිත කාලයේ වඩාත් වැදගත් කාලයක්. මෙම එන්නත්කරණය තමයි අපිට අපේ ජීවිත බේරගත්ත තිබෙන හොදම අවස්ථාව. ඉන් පුළුවන් වේවි අපිට තවත් ලක්ෂ 50ක් දෙනා මේ වෛරසයෙන් මරණයට පත්වීම වළක්වා ගන්න.” යනුවෙන් පවසයි.