credit-card-thief-lady

ක්‍රෙඩිට් කාඩ්පත් හෙවත් ණයවර කාඩ්පත් පරිහරණය නොකරන කෙනෙක් නැති තරම්ය. ඒ එම කාඩ්පත් භාවිතය දෛනික වැඩ කටයුතු ඉටුකර ගැනීමේදී ආරක්ෂාකාරි සහ ලෙහෙසි පහසු බැවිනි. එහෙත් මෙහි තවත් නොදුටු පැත්තක්ද ඇත. ඒ කාඩ්පත් අන් අයකු වෙත ලැබුණොත් ඒවායෙන් වංචනික ක්‍රියා සිදු කිරීමටද ඇතැම් විට ඇති හැකියාවයි.  එවැනි අවස්ථා සියගණනකට වැඩියෙන් පොලිස් පොත්වල සටහන්ව තිබීමද සුවිශේෂිතය. මැතකදී එවැනි තවත් සිද්ධියක්වා වූයේ මොරටුව පොලිසියෙනි. මේ කතාව මුලසිටම පෙළ ගැසෙන්නේ මෙලෙසය. ඔහු මොරටුවඑගොඩඋයන ප්‍රදේශයේ පදිංචි ව්‍යපාරිකයෙකි. හෙතෙම පසුගිය දිනක මොරටුව නගරයට පැමිණ සිය අවශ්‍යතා සපුරාගැනීම සඳහාය. ඔහු නගරය ඔස්සේ ගමන් කරන අවස්ථාවේදී යාචක කාන්තාවක් දුටුවේය.  මේ අසරණ කාන්තා වගැන අනුකම්පාකළ ව්‍යාපාරිකයා රුපියල් ව්ස්සක නෝට්ටුවක් සිය කමිස සාක්කුවෙන් ගෙන මඳක් ඉදිරියට නැමී යාචක කාන්තාව අතට පත් කළේ සැදැහැ සිතිනි.මේ ක්‍රියාව ගැන පැහැදුණු යාචක කාන්තාව එම මුදලතින් ගෙන පින්දුන්නාය.එහෙත් යාචක කතට මුදල් දුන් පුද්ගලයා නොදුටු ඔහුට නොහැගුණු දෙයක් එවෙලේසිදුවිය. ඒ යාචක කාන්තාවට මුදල් දෙන්නට මඳක් ඉදිරියට නැමෙද්දී ඔහුගේ කමිසයේ උඩ සාක්කුවේ තිබුණු ක්‍රෙඩිට් කාඩ්පත බිමවැටීමයි.මේ බව නොදත් ව්‍යාපාරිකයා එතැනින් යන්නට ගියේය. යාචක කාන්තාව සිද්ධිය හොඳින් දුටුවාය. තමන්ට මුදල් දුන් පුද්ගලයාගේ කාඩ්පත බිමවැටි තීබුනු දුටු ඇය එය හිමින් සීරුවේන් තම අතට ගත්තාය.



තමන්ට මුදල් දුන් පින්වතා සොයාගෙන ඔහු අතට පත් කිරීම හෝ එම කාඩ්පත පොලිසියට භාර දීමට, යාචකකතට අවස්ථාව තිබුණත් ඇය එසේ කළේ නැත. තමාට මුදල් දුන් ව්‍යාපාරිකයා කාඩ්පත සොයාගෙන නැවත එනු ඇතැයි ඇය මොහොතකටත් විශ්වාස කළේද නැත.එය ඇයට මොහොතින් ලැබුණු ලොකුම ධන නිධානයක් විය. කාඩ්පත උපයෝගී කරන් ගෙන කළ හැකි දෙයක්  ඉතා ඉක්මණීන්ම කිරීමට ඇය තීරණය කරන්නේ ඒ මොහොතේය.ඒ තම කාඩ්පත නැති වූ බව දැනගත් මොහොතේම ඒ බව අදාළ බැංකුවට දන්වා එහි ක්‍රියාකාරීත්වය තාවකාලිකව නැවැත්වීමට කාඩ්පත්තේ අයිතිකරුට හැකියාව ඇති බව ඇය දැන සිටි නිසා වන්නට ඇත. වහාම ක්‍රියාත්මක වූ ඇය තමන්කාඩ්පත උපයෝගී කරගෙන කරන දේ ගැන නිශ්චිත තීරණයකට පැමිණියාය.ඒ අනුව ඇය දිනක්  ඇතුළතදී මොරටුව,හොරණ,කළුතර, යාචක කත ප්‍රදේශ වල වෙළඳසැල් කීපයකට ගොස් ආහාරපාන.රෙදි සෝදන යන්ත්‍රයක්,රයිස් කුකරයක් සහ මත්වතුර ආදීය මිලදීගත්තාය.ආහාරපාන සඳහා ඇය වියදම් කළ මුදල් රුපියල් පනස්දහසකී. . යාචක කාන්තාවටරුපියල් විස්සක මුදල් දෙන අතරේ ක්‍රෙඩිට් කාඩ්පත බිම වට්ටවාගත් ව්‍යාපාරිකයාට රත්වුණේ කාඩ්පත අස්ථානගතවී ඇති බව දැනගත් මොහොතේය. ඒ වන විටත් කාඩ්පත උපයෝගීකර ගෙන කවුරු හෝ රුපියල් එක්ලක්ෂ තිස්දහසක්  පමණ මුදලක් වංචාකර ඇති බවට ඔහුට ජංගම දුරකතනයට කෙටි පණිවිඩ ලැබී තිබිණි. ඔහු කලින්ම යන්නේ මොරටුව පොලිසියටය. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපරීක්ෂාක එච්.කේ.කේ.සී. මධුෂංක හමු වූ ව්‍යාපාරිකය දුක් ගැනවිල්ල කීවේ පොලිස් නිලධාරීන් ගෙන් සහනයක් බලාපොරොත්තුවෙනි  උප පොලිස් පරීක්ෂක මධුෂංක, ව්‍යාපාරිකයාගෙන් මේ ගැන කරුණු විමසන් වැඩිදුර තොරතුරු දැන ගැනීමේ අරමුණින් වූවත් තම කාඩ්පත අස්ථාන ගතවූ ස්ථානය ගැන ව්‍යාපාරිකයාට මතකය තිබුනේ නැත. ව්‍යාපාරිකයාගේ පැමිණීල්ල,පොලිස් පොතේ සටහන් වන්නේ ඒ අනුවය විමර්ශන පටන්ගත් මධුෂංක මහතා මුලින්ම කරන්නේ කාඩ් පත භාවිත කරභාඩ මිලදීගත් ස්ථාන මොනවාදැයි සොයා බැලීම සඳහා අදාළ බැංකුවෙන් වාර්තාව කැඳවීමයි. මෙම අදාළ කාඩ්පත සොරකම් කරගතැනැත්තා දිනක් ඇතුලත මොරටුව,හොරණ, කලුතර ද කාඩ්පත භාවිත කර භාණ්ඩ මිලදී ගෙන ඇති බව එසේ මිලදී ගන්නාලද භාණ්ඩවල විස්තරයකුත් බැංකුවෙන් ලැබිණි.

මෙලස භාණ්ඩ මිලදීගත් පුද්ගලයාගේ තොරතුරු සොයා අදාල වෙළඳසැලට ගොස් ඒවායේ කළමනාකරුවන්ගෙන් ඒ ගැන විමසන අතරේ සී.සී.ටී.වී. දර්ශනද පරීක්ෂාකිරීමටද අමතක කළේ නැත.

මේ කාඩ්පත උපයෝගී කරගෙන රෙදිසෝදන යන්ත්‍රයක් ද මිලදී ගෙන ඇති බව අනාවරණය වීම නිසා එම යන්ත්‍රය මිලදීගෙන තිබුණු අදාළ සුපිරි වෙළඳසලට පොලිස් නිලධාරීන් යන්නේ  ඉන් අනතුරුවය.එම කාඩිපතින් රෙදි සෝදන යන්ත්‍රයක් මිලදීගෙන ඇත්තේ කාන්තාවක විසින් බවට අනාවරණය වන්නේ එහිදීය.

එම කාන්තාවගේ සියලු තොරතුරු අදාළ ආයතනය ලබාගෙන තිබුණේ රෙදි සෝදන යන්ත්‍රය මිලද ගනිද්දීමය.ඒ අනුව මේ කාන්තාව කළුතර,හොරණ පාරේ විලේගොඩ පදිංචිකාරියක බව අනාවරණයවිය. ඒ අනුව පොලිස් නිලධාරී කෙලින්ම යන්නේ .ඇගේ නිවෙස සොයාගෙනය. සැකකාරිය අත්අඩංගුවට ගැනෙන්නේ එහිදීය. මේ කාන්තාවගේ තොරතුරු ඉන්අනතුරුව සොයන පොලිසිය අනාවරණය කරගත්අපූරු කතාවකි. සැකකාරිය හතළිස්දෙහැවිරිදිය. ඇයගේ වෘත්තිය සිගාකෑමයි.පානදුර, මොරටුව ප්‍රදේශවල අසළ සිගමන් යදින ඇය දෛනිකව හොඳමුදලක් උපයන්නීය. මේ කාන්තාවගේ සැමියා මත්ලෝලියෙකි. ඔහුට මත්කඩුගැනීම සඳහාද ඇය උදව්කරන්නීය. ඇය නිවාස දෙකක අයිතිකාරියකි. මාසයකට රුපියල් දසදහස බැගින් ගෙවල්දෙකම ඇය කුලියට දී තිබුණත් සිඟමයැදීගටත් කරගෙනයන්නේ  ඉන් දිනපතා ලොකු ආදායමක් අතට එන නිසාය.ප්‍රශ්න කිරීමේදී ඇය කීවේ එ දින ව්‍යාපාරිකයාගේ  කමිස සාක්කුවෙන් බිම වැටුණු කාඩ්පත නැවත ඔහුට නොදි එය භාවිතා කර වෙළෙඳසල් වලිආහාරපාත, නිමි ඇඳුම්,රෙදි සෝදන යන්ත්‍රයක් රයිස් කුකරයක් සහ මත්වතුර ආදිය මිලදීගත් බවකි. ආහාරපාන ලබාගත් මුදල්වලට හිලවන්නට ඇගේ සැමියා ව්‍යාපාරිකයාට රුපියල් පනස්දහසක් ලබාදුන්නේ  විමර්ශන සිදුවන අතරතුරේදීය.

කාඩ්පත උපයෝගී කරගෙන මේ කාත්තාව මිලදී ගෙන තිබු හාණ්ඩ පොලීසිය විසින් සොයාගෙන තිබිණි. මේ කාන්තාව මීට පෙරද කාඩ්පත් යොදාගෙන කළ යම් වැරදි ඇත්දැයි සෙවීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත‍.සැකකාරිය මොරටුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කරෙන්නේ ඉන් අනතුරුවය  සිගමන් යදින මුවාවෙන් අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත සොරාගෙන එය භාවිත කර සුපිරි වෙළඳසල් වලින් රුපියල් ලක්ෂ විසිපන්දහසක් පමණ වටිනා ගෘහ උපකරණ මිලදීගැනීම ඇයට විරුද්ධව පොලීසිය නගා තිබුණු චෝදනාව විය. පොලීසිය සැකකාරියට එරෙහිව බී වාර්තාවක් මගින් 367 සොරකම 386 සාපරාධී සාවද්‍ය පරිහරණය  ප්‍රකාරව අධිකරණයට කරුණු දැක්වීය. සැකකාරිය අධිකරණයේදී වරද පිළිගත් බැවින් රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇපමත ඇය මුදා හැරීමට මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් ජෝෂප් ප්‍රනාන්දු මහතා නියෝග කළේය. ඇයට විරුද්ධව අගෝස්තු මාසයේ 05වැනිදා චෝදනා ගොනුකරන ලෙසද වැඩබලන මහේස්ත්‍රාත්වරයා දැන්වීය. කොස්තාපල් (81240) මෛත්‍රීපාල මහතා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රසාද් කාරීයවසම් මහතාය.මෙම කාඩිපත භාවිත කරමින් සැකකාරිය විසින් කළුතර ප්‍රකට ආයතනයකින් මිලදීගත් වොෂින් මැෂින්, බීටර් රයිස් කුකර් දපොලීසිය අධිකරණයට ඉදිරිපත් කළේය, ගල්කිස්ස කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර,සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වෙත්තසිංහ මහත්වරුන්ගේ උපදෙස් මතට මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ලොකුගේ අපරාධ විමර්ෂන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක එච්.කේ.කේ.සී. මධුෂක උපපරීක්ෂක නිශ්ශංක කොස්තාපල්වරුන් වන(94 400) සුසන්ත (72220) දිනුක,කාන්තා සිවිල් ආරක්ෂක(547)අයිරා යන අයවැඩිදුර විමර්ශන සිදුකරති.

-අමල් රණබාහු-