cricket-pakistan-australia

පාකිස්තානයේ අපරාජිත බව ඔස්ට්‍රේලියාව හමුවේ බිඳවැටෙයිද, නැද්ද යන්න තීරණය වන මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (11)දා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.7.30ට ආරම්භ වීමට නියමිතය.  මේ වන විට කණ්ඩායම් දෙකම විස්සයි20 ලෝක කුසලාන තරගවලදී එකිනෙකාට එරෙහිව තරග වැදුණු අවස්ථා 6න් 3 බැගින් ජය ලබා සම තත්වයේ පසුවෙති. සුපිරි 12 දෙනාගේ වටයේදී සහභාගි වූ තරගවලදී ඉන්දියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, ස්කොට්ලන්තය සහ නැමීබියාව පරාජය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානය සමත් විය. 2009 ලෝක ශුරයන් මෙන්ම 2007 අනුශූරයන්ද වන පාකිස්තානය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි 05වැනි අවස්ථාව මෙය විය. මින්  පෙර සහභාගී වූ අවසන් පූර්ව තරග 04න් 02කදී නවසීලන්තය (2007) සහ දකුණු අප්‍රිකාව (2009) පරාජය කළ පාකිස්තානය, සෙසු තරග දෙකේදී ඔස්ට්‍රේලියාව (2010) සහ ශ්‍රී ලංකාව (2012) හමුවේ පරාජයට පත්විය.සුපිරි 12දෙනාගේ වටයේදී පළමු කාණ්ඩය යටතේ තරග වැදුණ ඔට්‍රේලියාව එහිදී එංගලන්තය හමුවේ පරාජයට පත්වූ නමුත්,

දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය  කොදෙව් කණ්ඩායම් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය. 2010 අනුශුරයන් වන ඔස්ටේ‍්‍රලියාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි සිවුවැනි අවස්ථාව මෙය විය. මින් පෙර සහභාගි වූ අවසන් පූර්ව තරග 3න් 02කදී ඉන්දියාව (2007) සහ බටහිර ඉන්දීය කොදෙව් (2012) කණ්ඩායම් හමුවේ පරාජයට පත්වූ ඕස්ට්‍රෙලියාවට ජයගත හැකි වූයේ 2010 වසරේදී පාකිස්තානයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය පමණි. පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර මේ දක්වා විස්සයි20 තරග 23ක් පවත්වා ඇති අතර, ඉන් තරග 13කදී ඔස්ටේලියාව පරාජය කීට පාකිස්තානයද, තරග 09කදී පාකිස්තානය පරාජය කිරීමට ඔස්ට්‍රේලියාවද සමත් වී ඇත. ඊට සුපිරි පන්දු වාරයකදී පාකිස්තානය ලැබූ ජයක්ද ඇතුළත් විය.

එක් තරගයක් පමණක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකාට එරෙහිව තරග වැදී ඇත්තේ මීට වසර 02කට පෙරය.2019 වසරේ නොවැම්බර් මස 8වැනිදා පන්හිදී පැවති එම තරගයෙන් කඩුලු 10ක ජයක් වාර්තා කිමට ඔස්ටේ‍්‍රලියාව සමත් වී තිබේ.සුපිරි 12දෙනාගේ වටය පුරා කණ්ඩායම් දෙකේන්ම මුල් පෙළ පිතිකරුවන් ලකුණු අතර සිටි බැවින්, මැදපෙළ පිතිකරුවන්ට වැඩි යමක් කිරීම සඳහා අවස්ථාවක් නොලැබිණ. එහෙත් පාකිස්තානය අවසන් වරට සහභාගි වූ තරගයේදී ස්කොට්ලන්තයට එරෙහිව පන්දු 18කදී ලකුණු 54ක් රැස්කිරීමට ෂෙයිබ් මලික් සමත් විය.ඉකුත් මාසයේදී පැවති අයි.පී.එල්. තරගාවලිය පුරා ලකුණු අතර සිටි ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්ද  සිය සුපුරුදු තරග රටාවට අවතීර්ණ වීම සඳහා අවස්ථාවක් ලැබෙනතුරු බලා සිටියි. එබැවින් අද තරගයේදී කණ්ඩායමේ පිතිකරුවන් අතර කරට කර සටනක් දැක බලාගත හැකිය.කණ්ඩායම් දෙකේ පන්දු යැවීමේ අංශය කෙරෙහි අවධානය යොමුකරන විට ඔස්ට්‍රේලියාවේ පාදඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පා තරගවලිය තුළ කැපීපෙනෙන යමක් කිරීමට සමත්ව සිටියි. එහෙත් පාකිස්තාන පාදඟ පන්දු යවන්නා වන ශදාබ් ඛාන් ඊට ගවු ගණනක් පසුපසින් සිටියි. වේගපන්දු යවන්නන් ගත් කල කණ්ඩායම් දෙකම සම ශක්තීන්ගෙන් සමන්විත වන අතර,

පාකිස්තානය වෙනුවෙන් හාරිස් රවුෆ් (කඩුලු 08), ශහීන් අෆ්රිඩ් (06) සහ හසන් අලී (05)දා. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජොෂ් හෙසල්වඩ් (08), මිචෙල් ස්ටාක් (07) සහ පැට් කමීස් (04ද පන්දුවෙන් දස්කම් දක්වා සිටිති. පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් තරග 05කදී අර්ධ ශතක 04ක් සමග ලකුණු 64ක් රැස්කරමින් සුපිරි 12 දෙනාගේ වටය අවසානයේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසු විය.ඔවුන්ගේ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් අර්ධ ශතක 02ක් සමග ලකුණු 214ක් ලබා එම ලැයිස්තුවේ 05වැනි ස්ථානයේද, ඔස්ටේ‍්‍රලියා නු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තරග 05කදී අර්ධ ශතක 02ක් සමග ලකුණු 187ක් ලබා එහි 07 වැනි ස්ථානයේද රැදී සිටියහ. ඔස්ටේ‍්‍රලියාවේ ඇඩම් ස තරග 05කදී කඩුලු 11ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර, පාකිස්තානයේ හා රවුෆ් තරග 05කදී කඩුලු 08ක් දවා ගනිමින් එම ලැයිස්තුවේ 13වැනි ස්ථානයේ රැදී සිටිති.

(ශානුක අරවින්ද - අබුඩාබි සිට)