cyril-gamini-cid

ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද ගිය සිරිල් ගාමිණී පියතුමා පැය 08කට පසු පිටව ගියේය.හෙට නැවතත් වැඩි දුර තොරතුරු ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස පියතුමන්ට දන්වා ඇත.
 
පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකළ පැමිණිල්ලට අදාළව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන්ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත-ුවේ විශේෂ විමර්ශන ඒකක 1 හි ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීම මත ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) පෙරවරු 10 ට පමණ කට උත්තර දීමට ගොස් තිබුණි.


පැය 08කට ආසන්න කාලයක් සිය ප්‍රකාශය ලබාදුන් වාර්තාවේ. ප්‍රකාශය ලබාදුන් පියතුමන් නැවත හෙට (16) දිනයේ ද ප්‍රකාශ ලබාදීම සදහා පැමිණීමට නියමිතව ඇතැයි ද වාර්තාවේ.
මෙයට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැදවූ නමුත් එතුමා එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණීයේ නැති අතර අත් අඩංගුවට ගැනීම වැළකීමේ නියෝගයක් අධිකරණය මගින් ලබාගත්තේය.