පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ වැඩිමල් දියණිය සාරා ඩුටර්ටේ කාර්පියෝ, ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී පිලිපීන උප ජනාධිපති ධුරය වෙනුවෙන් තරග වදිනු ඇතැයි පැවැසෙයි.
දියණිය සාරා ඩුටර්ටේ කාර්පියෝ ඒ සඳහා නාම යෝජනා බාර දුන් බව ඇගේ පක්ෂය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි. 43 හැවිරිදි සාරා ඩුටර්ටේ කාර්පියෝ, නීතීඥවරියක වන අතර ඇය මේ වනවිට ඩවාඕ නගරාධිපතිනිය ලෙස කටයුතු කරයි.
පියා ඩුටර්ටේ ද නීතීඥවරයකු ලෙස කටයුතු කර, ඩවාඕ නගරාධිපති ධුරය හොබවා, ජනතා ප්‍රසාදය දිනා, පිලිපීන ජනාධිපති ධුරයට පත් වූවෙකි. දළදඩු ජනාධිපතිවරයකු ලෙස රොද්‍රිගෝ ඩුටර්ටේ ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ ඔහු මත්ද්‍රව්‍ය මර්දනයට හමුදාව යොදවා ඇති බැවිනි. රොද්‍රිගෝ ඩුටර්ටේගේ ධුර කාලය 2022 වසරෙන් අවසන් වන අතර, යළිත් වරක් ජනාධිපති ධුරයට තරග වැදීමට ඔහුට ව්‍යවස්ථාවෙන් අවසර හිමි වන්නේ නැත.
0 Comments