death-of-a-pregnant-Polish-woman

මෑතකදී පෝලන්තයේ ගැබිනි කාන්තාවකගේ මරණය, රටේ දැඩි ගබ්සා නීතිය යළි ප්‍රශ්න කිරීමකට ලක් කරන ලදි.
ඉසබෙලා ලෙස හඳුනාගෙන ඇති 30 හැවිරිදි කාන්තාවක, සැප්තැම්බර් මාසයේදී පෝලන්ත රෝහලකදී සෙප්ටික් කම්පනයකින් මිය ගියාය. නමුත් ඇගේ පවුලේ අය මෙම සිද්ධිය ප්‍රසිද්ධියට පත් කළේ පසුගිය සතියේය.සති 22 ක ගැබිනියක වූ ඉසබෙලාගේ කලලය ගර්භාෂයේ අසාමාන්‍යතා හෝ විකෘතිතා ඇතිකරවන බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබූ නමුත් එරට ගබ්සා කිරී‍මේ නීතිය අනුව කලලය ඉවත් කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් දන්වා තිබුණි.
දකුණු පෝලන්තයේ රෝහලේ වෛද්‍යවරුන් ගබ්සාවක් ලබා නොදුන් බව පවුල වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෙක් ඇගේ මරණින් පසු විස්තර කළේය. ඔහු පැවසුවේ, ඇගේ කලලයට ඇම්නියොටික් දියරයක් නොතිබුණත්, එය ගර්භාෂයේ අසාමාන්‍යතා හෝ විකෘතිතා ඇති කළ හැකි බව දන්වා තිබූ බවයි.
 ප්‍රජනක අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පවසා ඇත්තේ ප්‍රායෝගික නොවන නීති මැද ජීවත් වීමේ කටුක යථාර්ථය මෙම සිද්ධියෙන් හෙළිදරව් කර ඇති බවයි.


 ක්‍රියාකාරීන් පවසන්නේ, සංජානනීය දෝෂ සහිත කලලයක් ගබ්සා කිරීම නීති විරෝධී බවට පසුගිය වසරේ අධිකරණ තීන්දුවක් ලබා දීමෙන් මෙම අසාධාරණය සිදුවූ බවත් තීන්දුවෙන් පසු මියගිය පළමු තැනැත්තිය ඉසබෙලා බවයි.
නීතිය සකසන අයගේ මතය වී තිබුනේ මෙම කොන්දේසි දමා නොතිබුනේ නම් දරු ගැබක් විනාශ කිරීමේ උවමනාවට නීතියෙන් රිංගීමට ඕනෑම අයෙකුට සංජානනීය දෝෂ ඇතිවන ලෙස කලලයට හානි කළ හැකි බැවින් එම නීති දැඩි කළ බවය. මෙය වෛද්‍ය විද්‍යාව හා නීතිය අතර දෝලනය වූ මතභේදාත්මක කාරණාවක් විය.
ඉසබෙලා සහ කලලය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් සහ වින්නඹු මාතාවන් “තමන්ට හැකි සෑම දෙයක්ම කළ” බව රෝහල අඟහරුවාදා ප්‍රකාශ කළේය.
"ඔවුන් රෝගියා සහ ඇගේ දරුවා වෙනුවෙන් දුෂ්කර සටනක් කළා" යැයි රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කර තිබුණි.

අයිතීන් කන්ඩායම් මේ සතියේ පෝලන්තයේ විශාලතම නගර දෙකෙහි ඉසබෙලා සඳහා විරෝධතා සහ ඉටිපන්දම් දැල්වීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිශ්චය සභාව නීතිය සම්බන්ධයෙන් තීන්දුවක් දී වසරකටත් වැඩි කාලයකට පසුව මෙම විරෝධතා මතු විය.
බහුතර කතෝලිකයන් වසන පෝලන්තය, දැනටමත් යුරෝපයේ වඩාත්ම දැඩි ගබ්සා නීති පවතින රටකි.
ස්ත්‍රී දූෂණය හෝ අනියම් සම්බන්ධය හැර අනෙක් සෑම අවස්ථාවකම පාහේ ගබ්සාව තහනම් කරමින් නීති දමා ඇත.කාන්තාවගේ ජීවිතයට හෝ සෞඛ්‍යයට අවදානමක් තිබේ නම් ගබ්සාව කළ හැකි නීතිය ඉතා සීමාසහිතව තිබීම මෙම ගැටලුවට මුල් විය.
(සීඑන්එන්, යුරෝ නිවුස් හා රොයිටර්ස් ඇසුරිනි - Gossiplankanews.com)