development-officers-strike

සංවර්ධන නිලධාරින්ගේ වෘත්තිය ගැටලු හතකට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ලබන සඳුදා (3) අසනීප නිවාඩු වාර්තා කිරීමේ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති පියවරක් ක්‍රියාත්මක කිරීම සංවර්ධන නිලධාරී සේවා සංගමය තීරණය කර ඇත.  රට පුරා රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන සහකාර නිලධාරීන් එම ක්‍රියා මාර්ගය ගන්නා බවද සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසීය.



වැටුප් විෂමතා ඉවත් නොකිරීම, මූලික වැටුප ඉහළ නොදැමීම, උසස්වීම් පටිපාටිය ක්‍රියත්මක නොකිරීම, විධිමත් රාජකාරියක්  නොපැවරීම, විශ්‍රාම වැටුප් හිමිකම් ලබානොදීම, අභ්‍යාසලාභී උපාධිධාරින් ස්ථිර නොකිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගනිමින් එම වෘත්තීය සමිති පියවර ක්‍රියාත්මක කරන බව ද චන්දන  සූරියආරච්චි මහතා කීව්වේය.