dinesh-school-reopen

රජයේ පාසල්වල ඉතිරිව ඇති සියලුම ශ්‍රේණි ලබන සතියේ 22 සඳුදා සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (15) ප්‍රකාශ කර සිටියේය.



2022 අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියේය.
ඒ අනුව දැනට කොටසක් පමණක් අරඹා ඇති පාසල් පන්ති මෙන්ම ඉතිරි පන්ති සියල්ලද ආරම්භ වනු ඇත.