dr-danister-l-perera-speaks

ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා සමග අධික කෘෂ බව හා තරබාරුකම ගැන කළ සාකච්ඡාවක් මේ සමග පළවේ
 බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි ශරීරයේ අධික ලෙස මහත් වීම ,ඒ වගේම තමයි සමහරු කියනවා අපි කොච්චර ආහාර ගත්තත් ඇඟට කිසි හයියක් නැහැ ශරීරය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කෙට්ටුයි, කෙසඟ යි. ඉතින් මේ වගේ චෝදනා සමහරුන්ගේ තියෙනවා, දුක් වෙනවා සමහරු මේ පිළිබඳව ?

මම හිතන්නේ මේක සමාජයේ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්.. ඇත්තම කිව්වොත් වෙන්නේ කෙට්ටු අය මහත් වෙන්න හදනවා, මහත අය කෙට්ටු වෙන්න හදනවා හුඟක් වෙලාවට .ඒක අර තමන් ඉන්න තත්ත්වය ගැන නොසෑහීමකට   පත් වීමක් වගේ දෙයක් තමයි එක පැත්තකින්. අපි දන්නවා අධික තරබාරු කම කියන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයක් .ප්‍රමාණය ඉක්මවා තමන්ගේ බර වැඩිවීම  කියන කාරණය. ආයුර්වේදය අනුව අපි මෙන්න මෙහෙම දෙයක් වටහා ගත යුතුයි. ඒ කියන්නේ හැම පුද්ගලයෙකුටම එක හා සමාන ශරීර බරක් හෝ ශරීර උසක් හෝ ප්‍රමාණයක් තිබිය යුතුයි කියලා ආයුර්වේද කියන්නේ නැහැ. ඒ කියන්නේ ආයුර්වේද එක එක පුද්ගලයාට අනුව බර සහ උස වෙනස් විය හැකියි. ඒකට සාමාන්‍යයෙන් අපි කියනවා ප්‍රමාණ තුනකින් පුද්ගලයන් ඉන්න පුළුවන්.. ඒ කියන්නේ ශරීර ප්‍රමාණයේ විශාල අය ඉන්නවා.

මධ්‍යම ප්‍රමාණයේ අය ඉන්නවා, කුඩා අය ඉන්නවා. එතකොට ඒ ගොල්ලො උපත ලබන කොටම දෙමව්පියන්ගෙන් ආරය සහ කුඩා කාලයේදී ඔවුන්ට උරුම වන ජානමය ප්‍රවේණිගත ලක්ෂණ සහ කුඩා කාලයේදී ආහාර රටාව අනුව කෙනෙක්ගෙ වැඩිහිටියෙක් වෙනකොට ශරීරයේ ප්‍රමාණය තීරණය වෙනවා. විශේෂයෙන්ම ජානමය ලක්ෂණ අපිට හරි අමාරුයි වෙනස් කරගන්න. ඒකට වෙනම ආහාර රටාවක් දීර්ඝ කාලයක් තිස්සේ හුරු පුරුදු කිරීමෙන් සමහර වෙලාවට අපි එක එහා මෙහා කර ගත්තට සමහර අයගේ ඒ ශරීර ප්‍රමාණය නිශ්චිතවම ජානමය වශයෙන් ප්‍රවේණි ගතව නිර්ණය වෙලා තියෙන්නෙ. ඒ නිසා තමයි අර කිව්ව වගේ කොච්චර අපි උත්සහ කරත් බර අඩු කරගන්න බැහැ නැත්නම් කොච්චර කෑම කෑවා බිවුවත් බර වැඩි කර ගන්නත් බෑ කියන්නෙ. සමහර පුද්ගලයෝ ඉන්නවා ඉතාම පහසුවෙන්ම ඔවුන්ගේ බර අඩු කරලා ශරීරය කෙට්ටු කරන්න පුළුවන්. තවත් සමහරු ඉන්නවා එහෙම බැහැ එතකොට මේකට හේතු කීපයක් තියෙනවා ජීවවිද්‍යාත්මකව.



ඒ නිසා ඉස්සෙල්ලාම  බලන්න අවශ්‍ය වෙනවා  තමන්ගේ ශරීරයේ ප්‍රමාණය උසට සරිලන බර තියන ශරීරයක්  ද ,ඊළඟට තමන්ගේ ශරීර ප්‍රමාණය එදිනෙදා වැඩ කර ගෙන යෑම සඳහා බාධාවක් ද, ඊළඟට තමන්ගේ ශරීරය ප්‍රමාණය නිසා තමන්ට යම් ආකාරයක සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවද. අර පොඩ්ඩක් දුර ඇවිද ගෙන යන කොට හතිය එනවනම් වැඩක් පලක් කරනකොට දුර්වලයි නම් අන්න ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක්.එතකොට අපි බලන්න ඕනේ මොකද එහෙම එන්න හේතුව කියලා.

සමහර ඉන්නවා දිග තරබාරුකම නිසා තමන්ගේ ඇඟ නමන්න බෑ ,සපත්තුවේ ලේස් එක ගැට ගහ ගන්න බෑ.අන්න ඒ වගේ තත්වෙකට ඇවිල්ල තියෙනව .එතකොට ඔවුන්ටත් තියෙනවා පඩිපෙළක් නගින්න බෑ, වැඩ පළ කරන්න අමාරුයි අන්න ඒ නිසා එතනදි අපි බලනවා මේ පුද්ගලයාගේ ශරීරය අර සාමාන්‍ය එදිනෙදා ජීවිතයට එදිනෙදා කාර්යයන් කරගෙන යන්න බාධා වෙන ආකාරය තියනවාද කියලා. ඒ කෙසේ වෙතත් අධික  තරබාරුවටහොඳම ප්‍රතිකාරය තමයි අපි ගන්න ආහාරවල තියන පිෂ්ටය අඩු කිරීම.පිටි සහිත ආහාර අපි පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. තන්තු සහිත ආහාර අපි වැඩියෙන් ගන්න ඕනේ.

ඊළඟට ආහාර වේල් දෙකක් අතර අපි පුළුවන් තරම් තියාගන්න ඕන පරතරයක් බඩගින්න නැතුව ආහාර ගැනීම ඉතාමත්ම නුසුදුසුයි .හුඟක් වෙලාවට අපි ආහාර වේල් තුනක් තියාගෙන ඉඳීම තුළ අපි හිතනවා ඔරලෝසුවට අනුව අපි මේ ආහාර වේල් තුනක් ගන්නට ඕනේ. උදේ කන්න ඕනේ ,දවල් කන්න ඕන නෑ,රැ කන්න ඕන කියලා. බොහෝ වෙලාවට අධික තරබාරුව තියන කට්ටියට කළ හැකි හොඳම දේ තමයි උදෑසන ආහාරය සාමාන්‍ය හොඳට ගන්න වේලාසනින් හැබැයි  ඊට ඉස්සෙල්ලා අපිට පුළුවන් ඔය කිරිපිටි වගේ ඒව වළක්වලා ,පිටිකිරි කියන්න කොහොමත්ම ශරීර සෞඛ්‍යයට හොඳ දෙයක් නෙමෙයිනේ. එතකොට ඒක නවත්වලා ඒ වෙනුවට හොඳ උණු වතුර ටිකක් උදේට බොනවා.මං මේ කියන්නේ අධික තරබාරුව තියෙන කට්ටියට. හොද උණු වතුර  එකක් බීලා පැයකින් විතර අපිට උදෑසන ආහාරය ගන්න පුළුවන්. ඒ උදෑසන ආහාරය දී අපිට හැකි තරම් තෙල් වර්ග වලින් තොර ආහාර තමයි ගන්න ඕනේ .මොකද පිශ්ට සහ තෙල් තමයි බොහෝ වෙලාවට අධිකව බර වැඩි වීමට හේතු වෙන්නේ .


ඊළඟට රාත්‍රී ආහාරය ඉතාම සැහැල්ලු ආහාරයක් ගන්න ඕන. ඒ වගේම වේලාසන ආහාරය ගන්න ඕනේ. රාත්‍රී ආහාරය ගත්ත ගමන් නින්දට යනවා නම් රාත්‍රී ආහාරය සහ නින්ද අතර අඩු ගානේ පැය 2ක 3ක වත් පරතරයක් නැත්නම් ඒක හුගක් වෙලාවට තරබාරුකමට හේතු වෙනවා.ඊළඟට අපේ ගන්න ආහාරවල තන්තු ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. එළවළු වර්ග වැඩිපුර කන්න ඕනේ. විශේෂයෙන් ගෝවා, පතෝල, වැටකොළු. සමහර වෙලාවට ගෝවා වගේ දේවල් ස්ටිම් කරලා කන්න පුළුවන් .

පතෝල වගේ දේවල් අමුවෙන් කන්න පුළුවන් ,වැටකොළු වගේ දේවල් ස්ටිම් කරලා කන්න පුළුවන්.මේවා තමයි බඩ පිරෙන්න කන්න ඕනේ , මේවා කෑවහම බඩ පිරෙනවා එතකොට ශරීරයට විශේෂයෙන් උරාගන්න ප්‍රමාණයක් ඉතුරු වෙන්නේ නැහැ පිෂ්ඨය කියලා .සාමාන්‍යයෙන් අපි එදිනෙදා ශක්තියට අවශ්‍ය කරන පිෂ්ටය ප්‍රමාණයක් ගත්තහම ප්‍රමාණවත්. පාම්පිටි විශේෂයෙන් පිටි විශේෂයෙන්ම. පාම්පිටි වලින් ලැබෙන පිරිපහදු කරපු සුදු තිරිඟු පිටි වලින් ලැබෙන පිෂ්ඨය අධික වශයෙන් ගැනීම එ කියන්නේ පාන් ,කොත්තු, ගෝදම්බ රොටි එතකොට ක්ෂණික ආහාර වර්ග මේවා විශේෂයෙන්ම තරබාරුකමට හේතුවක් .ක්ෂණික ආහාර පාන වල තියෙන හුගාක් තෙල් අපේ ශරීරයේ තැන්පත් වෙනවා ගිහිල්ලා. ඒව නිසා අපේ ශරීරය වැඩිපුර බරක් ඇති වෙන්න පුළුවන්.

ඒ එපමණක් නෙමෙයි අතුරු ආබාධ හැටියට සමහර වෙලාවට කොලොස්ට්‍රෝල්, අධි රුධිර පීඩනය වගේ දේවලුත් එනවා. තරබාරුකම කියලා කියන්නේ මූලික වශයෙන් තිබුණට ඒක සෞඛ්‍යට බලපාන ප්‍රශ්නයක් බවට පසු කාලයේදී ඇති වෙනවා. ඒක තමයි අපි කියන්නේ අනෙකුත් රෝගාබාධ එන්න ඉඩ තියෙනවා. එතකොට අපි මූලික වශයෙන්ම ආහාර පාලනය කරනවා, ඊළඟට ව්‍යායාම. මේක ආහාරවලින් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ගන්න ප්‍රතිශක්තිකරණ ප්‍රමාණය අඩුකරනවා , වැය කරන ශක්ති ප්‍රමාණය වැඩි කරනවා. මේක තමයි තියෙන සූත්‍රය. මේක ඉතාමත්ම ප්‍රත්‍යක්ෂ දෙයක්. අපි ගන්න ශක්ති ප්‍රමාණය අඩු කළා ,වැය කරන ශක්ති ප්‍රමාණය වැඩි කළා. එතකොට ඉතුරු වෙන ශක්තියට ප්‍රමාණය අඩුවෙනවා. හුඟක් වෙලාවට කැලරි තමයි මේ බර බවට පත්වෙන්නේ.  එතකොට අපේ ආහාරවල තියෙනවා හිස් කැලරි කියලා වර්ගයක්. හිස් කැලරි කියන්නේ empty කැලරි .මේවා ගොඩක් වෙලාවට එන්නේ කෘතිම ආහාරපාන වලින්.ඒ කියන්නේ කඩචෝරු වගේ දේවල් වලින්.ඒ කියන්නේ අපි කඩවල් වලින් ගන්න ක්ෂණික ආහාරපාන වලින් තමයි හිස් කැලරි එන්නේ තමයි ගිහිල්ලා අමතර බරට පත්වෙන්නේ.


දැන් මේ අපි කතා කරපු කරුණු කාරණා එක්ක වෛද්‍යතුමනි සරලව පැහැදිලි වුන කාරණාවක් තමයි ඔබතුමා නොකියා කියන කාරණේ එදිනෙදා අපි වැඩිපුරම ආහාරයට පුරුදු වෙලා ඉන්නේ බත්නේ අපි ප්‍රධාන ආහාරය විදිහට ගන්නේ. එතකොට බත් ප්‍රමාණය අඩු කරල අනෙකුත් එළවළු ඇතුළු ඒ ආහාර වර්ග වැඩිපුර ප්‍රමාණයක් එකතු කරගන්න කියන කාරණය.


ඔව්.. ඒ වගේම පාන්, ඉදි ආප්ප වගේ දේවල් තව තියෙනවනෙ පිෂ්ඨ ආහාර .දැන් බත් වගේ දේවල් අඩු කලාට පාන් පෙත්තක් කනවා කියන්නේ එතැන විශාල පිෂ්ට ප්‍රමාණයක් තියෙනවා .අනිත් එක තමයි අපි ඉදි ආප්ප වගේ දේවල් වැඩියෙන් කැවෙන දේවල්නේ.. ඊළඟට කොත්තු වගේ දේවල් නම් බර සම්බන්ධයෙන් කතා කරනකොට  අයින්ම කරන්න ඕන කෑම වර්ගයක්.ඒවා සාමාන්‍යයෙන් කන්න හොඳම නැහැ එතකොට ෆ්‍රයිඩ් රයිස් ,කොත්තු වගේ දේවල් .ඒවයි තියෙන තෙල් සහ  පිටි ප්‍රමාණය අනිවාර්යෙන්ම බර වැඩි වීමට බලපානවා. අනිත් එක තමයි බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් තමයි සිසිල් බීම වර්ග .ඒ සිසිල් බීම වලිනුත් එකතු වෙන්නේ කැලරි. ඉතින් මේකත් අද ලෝකයේ විශේෂයෙන්ම ළමයින්ගේ බර වැඩිවීමට ළමා තරබාරුවට එක හේතුවක් තමයි සිසිල් බීම වර්ග .අනිත් කාරණය තමයි අපි පුරුදු වෙලා ඉන්නවා ආහාර වේල් අතර කන්න පොඩි පොඩි දේවල් .

උදාහරණයක් විදියට තේ බොනකොට කේක් කෑල්ලක්. මේ කේක් කෑල්ලක තියන කැලරි ප්‍රමාණය සමහර වෙලාවට බත් පිඟානක තියෙන කැලරි ප්‍රමාණයට සමානයි ..මොකද කේක් එක එක වර්ග වලින් තියෙනවනේ.. ගොඩක් පැණි රස ඒව තියෙනවා. ඊළඟට විවිධ ආකාරයට හදපු කේක් වර්ග තියෙනවා.



ඊළඟ එක තමයි අපි ආහාරයෙන් පස්සේ ගන්න desert එක.අන්න ඒකත් සමහර වෙලාවට කැලරි වැඩි deser එකක් නම් පලතුරු වගේ දේකට නම් කමක් නැහැ අතුරුපසට ගත්තට. හැබැයි ගන්නේ අයිස්ක්‍රීම් ,වටලප්පන් එහෙම නැත්නම් වෙනත් ආකාරයේ සීනි සහිත දෙයක් නම් මේකත් ආපහු අපිට එකතු වෙන්නේ අර එකම එකවුන්ට් එකට එකම ගිණුමට .ඒ ගිණුම තියෙන්නේ අපේ ඇඟේ කොහෙන් ගියත් කටින් දානවනම් අවසානයේදී කැලරි ප්‍රමාණය එකතු වෙන්නෙ එකම ගිණුමට. එතකොට ඒ ගිණුමේ ශේෂය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක තමයි. එකයි මම කිව්වේ ගන්න ප්‍රමාණය අඩු කරල වියදම් කරන ප්‍රමාණය වැඩි කලොත් ඉතුරු ඉතුරුවෙන ශේෂය අඩු වෙනවා.අන්න ඒක තමයි අපි අඩු කර ගන්න ඕනේ.

දැන් මේ හැමදේම අවසානයට කැරකිලා කැරකිලා ඔබතුමා කලින් සඳහන් කරපු සාම්ප්‍රදායික ස්වභාවික ආහාර රටාවෙන් මිදී මෙන් ප්‍රතිඵල තමයි..

ඔව්. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ අපි හැම හැමකෙනෙකුටම අර කියන විදිහේ අපි ව්‍යායාම කරලා, එහෙම නැත්නම්  ජිම් එකට ගිහිල්ලා ඇද හදාගන්න එක නෙමෙයි මම මේ කියන්නේ .අපේ සාමාන්‍ය පිළිගැනීමක් තියෙනවානේ  ඇඟ හදාගන්න ඕන කියලා.. ඇඟ හදා ගන්නවා කියන්නේ මස්පිඬු හදාගන්නව නෙමෙයි. ඇඟ හදා ගන්නවා කියන්නේ ශරීරයේ තුළ තියෙන සෞඛ්‍ය හදාගන්න ඕන හරි විදියට. එක තමන්ට ආවේණිකව ආපු සමහර වෙලාවට ප්‍රමාණය අඩු කරගන්න බැරිවෙන්න පුළුවන් කෙනෙක්ට. හැබැයි ශරීරයේ තියෙන මේද ප්‍රමාණය දහනය කරලා යම් ආකාරයකට තමන්ගේ සෞඛ්‍ය හරියට තියා ගන්න පුළුවන් ආකාරය ශරීරයක් තබා ගැනීම වැදගත් වෙනවා. මොකද අපි දකිනවා ඉස්සර ගම් වල හිටියා අපේ පැරණි සීයලා ලොකුවට ඒගොල්ලො කෙට්ටු වෙලා නැහැ. හැබැයි ඒ ගොල්ලෝ ස්වභාවික ආහාර පානත් එක්ක තමන්ගේ වැඩ වැඩකටයුතු කරගෙන කුඹුරේ හේනේ වැඩක් කරගෙන ආහාර ටිකත් අරගෙන තමයි තමන්ගේ ශරීරය පවත්වාගෙන ගියේ. අන්න ඒක තමයි ඉතා වැදගත් වෙන්නේ..

දැන් වෛද්‍යතුමනි කතාබහ අතරෙදි අහම්බෙන් වගේ මතු උන කතාවක් මම හිතනවා මේ කාලේට අනුව උචිතයි කියලා අර ඇඟ හදා ගන්නවා කියන කතාව. බොහෝ දෙනෙක් තරුණයෝ බොහෝවිට පුරුදු වෙලා ඉන්නවා පෝෂණ අතිරේක ගන්න පිටතින් අරගෙන විවිධ කිරිපිටි වර්ග ,එහෙම නැත්නම් බෙහෙත් පෙති වර්ග විදිහට හෝ වෙන ක්‍රමයකින් අරගෙන මේ මස්පිඩු හදාගන්න මේකේ මොන වගේ පැත්තක් ද තියෙන්නේ ?

ඇත්තටම අපි ඇඟ පිටින් මස්පිඬු හදා ගැනීම නෙමෙයි කළ යුත්තේ .ආයුර්වේදය පෙන්නන්නෙ ඇඟ ඇතුලෙ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම, ඇඟ ඇතුළෙ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු වෙනවාද, උදාහරණයක් විදියට කිව්වොත් අපි අර කියනවා බඩේ අපේ ඔය තියෙන six-packs කියමු .අන්න ඕක හදා ගන්නවා අපේ කවුරුහරි තරුණයෙක්. එතකොට එයා කියනවා දැන් මම කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා බැලුවහම six-packs තියෙනවා .හැබැයි ගැස්ට්‍රයිටිස් තියෙනවා .එතකොට මොකද වෙලා තියෙන්නෙ බඩ පිටින් හොඳයි ,බඩ ඇතුලෙ ලෙඩ. අන්න ඒ වගේ මං මේ කියන්නෙ. අර අපි කියන්නේ කොන්ඩ හැදුවට හදා ගත්තට වැඩක් නෑ ඔලුව හරියට හදාගන්න ඕනේ කියලා. අන්න ඒ වගේ තමයි මේකත්.

ඒ කියන්නේ අපේ ශරීරයේ ඇතුලෙ තියෙන ක්‍රියාවලිය හොඳට සමතුලිතව පවත්වා ගෙන යාම අවශ්‍යයි. හැබැයි ඇඟේ පිටින් තියෙන පෙනුම හැදෙන්න එහි ප්‍රතිඵලයක් හැටියට. එතකොට අර මම කිව්ව අහාරපාන රටාව තුළ ඔබට පුළුවන් ස්වභාවික ආහාර පාන වැඩි කරලා, කෘතිම ආහාරපාන අඩු කරල ගන්න කැලරි ප්‍රමාණය අඩු කරලා, වියදම් කරන කැලරි ප්‍රමාණය  වැඩි කරලා මේක සමබරව පවත්වාගෙන යන්න පුළුවන් නම් අන්න තරබාරුවට හොඳම විසඳුම හැටියට කියන්න පුළුවන් .

මම හිතන්නේ තරබාරුව පිළිබඳව ඔබට තිබුන ගැටලු වලට බොහොම වටිනා කියන පිළිතුරක් තමයි අපේ වෛද්‍යතුමන් ලබා දුන්නේ .ඒ වගේම තමයි වෛද්‍යතුමනි සමහර පිරිසක් ඉන්නවා ඒ අය කියනවා අපි කොච්චර කෑවත් අපේ ඇඟ හැදෙන්නේ නැහැ හරි දුර්වලයි මේ වගේ කතාවක් කියනවා .

එතනදිත් අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ තමන්ගේ තාත්තා ,අම්මා ඒ අයගේ ශරීර ස්වභාවය කොහොමද. ඒ අය කෙට්ටු ද, නැද්ද කියලා හොයලා බලන්න ඕනේ. තමන්ගේ ශරීරය හොඳට පෘෂ්ටිමත්ව තිබිලා යම් ආකාරයක ක්‍රමයෙන් බර අඩු වී ගෙන යනවා නම් අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.  ඒක යම් ආකාරයක රෝගයක ලක්ෂණයක්. සාමාන්‍ය හිටපු ගමන් තමන්ගේ බර අඩු වේගෙන යනවා නම් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් කෙනෙක්ට කෙට්ටු ශරීරයක් තියනවා නම් ඒ ශරීරය අපිට දුර්වලයි කියලා හිතෙන්නේ නැත්නම් ඇඟ ඒ ගැන කණගාටු වෙන්න එපා. එක තමන්ගේ ස්වභාවය. හැබැයි තමන්ගේ කෙට්ටු වීම  අපිට දැනෙනවා නම් එක අසාමාන්‍ය විදියට තමන්ගේ ශරීරය දුර්වල වීමත් එක්කයි සිද්ධ වෙන්නෙ කියලා අන්න ගිහිල්ලා අපි වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ ආහාර ගැන විතරක් නොසලකා.
ආහාර වලින් අපිට කරගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අපේ ආයුර්වේදයේ තියෙනවා බෲගංන ආහාර කියලා. බෲගංනය  කියන්නේ අපේ ශරීරය පෘෂ්ඨිමත් කිරීමේ ක්‍රියාවලිය.

එතකොට මහත අය අඩු කිරීමට කියනවා කර්ෂණය කියලා .එතකොට අරක වැඩි කිරීම.එ වැඩි කිරීම සඳහා ගත හැකි සමහර ආහාර පාන වර්ග අපි ස්වභාවයෙන්ම අපිට ලැබිලා තියෙනවා.  එතකොට එ ආහාර පාන ගන්නා අතරදී අපි බලන්න ඕනේ අපේ අනෙකුත් අසමතුලිත ඇති වෙනවද කියලා.

උදාහරණයක් ගත්තොත් එහෙම හුඟාක් ශරීරය බර වැඩි කරන, ශරීරය මහත් කරන ආහාර බොහෝ වෙලාවට සෙම  ඇති කරනවා .ඒවා අධික සීතල ගතියක් තියෙනවා. එතකොට ඒ ශිත  ගතිය තියෙන නිසා සමහර කෙනෙක්ට සෙම ඇති වෙන්න පුළුවන්. එතකොට මේක හරියන්නේ නෑ මේ දෙකම එකට කරගන්න බැහැ. අපි දන්නවා අපි හිතමු හොඳටම කෙට්ටු කෙනෙකුත් ඉන්නවා එයාගේ සෙම රෝගත් තියෙනවා. අපි දැන් කොහොමද සීතල ආහාර ගන්නේ. අන්න එතකොට අපි කරන්න ඕනේ මේ තත්ත්වයට අපේ වෛද්‍යවරයෙක් හමුවෙලා වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න ඕන. මොකද ශරීරය ආහාර දිරවීම සම්බන්ධ ක්‍රියාවලිය ඉතාම වැදගත් සංකල්පයක් තියෙනවා ආයුර්වේදයේ අග්නිය කියලා .අග්නිය කියන්නේ ගින්නනේ. මේ ගින්න තමයි අපි පවත්වා ගන්න ඕනේ. ඒ ගින්න පවත්වා ගැනීම හරහා තමයි  අපි ආහාරයට ගනු ලබන දේවල් නිසි පරිදි පරිපාටියට පත් වෙලා ඒවා පටක තුළ තියන එක එක පරිවර්තන බවට පත්වෙන්නේ.ඒවට අපි කියනවා සප්ත ධාතු කියලා.එතකොට සප්ත ධාතු වලින් තමයි මේ ශරීරය මාංශපේශී වගේ දේවල් නිර්මාණය වෙන්නේ. එතකොට ඒ සප්ත ධාතු පරිවර්තනය ඒක නිසි පරිදි පරිවර්තනය වෙලා අර මාංශපේශී නිර්මාණය දක්වා ගන්න ආහාරය යන්නේ නැතුව කොහේ හරි  හරි තැනක ඒ ක්‍රියාවලිය දුර්වල ද කියලා හොයන්න ඕනේ . ඒකට අපි කියනවා අග්නිය පරික්ෂා කරලා බලන්න ඕනේ. අර ආහාර නිසි පරිදි අපි ගන්න ආහාර නිසි පරිදි දිරවීමට පත්වෙලා ඒවා අවශෝෂණය වෙලා ඒ පදාර්ථ වලට වෙන් වෙලා ඒ අවශ්‍ය පටක වලට ගිහිල්ලා ඒ මාංශපේෂි බවට පරිවර්තනය වෙනවා. එතකොට අන්න ශරීරය නිසි පරිදි වර්ධනය වෙනව.


දැන් මේක අපිට ආහාර අපි ගන්න අපි එ කියන්නෙ අපි කොච්චර කෑවත්  ඇඟට අල්ලන්නේ නෑ කියන්නේ. ඇඟට අල්ලන්නේ නෑ කියන එකෙන් අදහස් වෙන්නේ අපි ගන්නා ආහාරය ප්‍රතිඵලය අවසානයේදී ලැබෙන්නේ නෑ කියන එක. එක්කෝ අපි ගන්න ආහාර නොදිරවා ඇඟට අවශෝෂණය නොවී පිටවෙනවා. එතකොට මේක පරික්ෂා කළ යුතු තත්ත්වයක්. අනිත් පැත්තෙන් අපි ආහාරය ගත්තොත් එහෙම ආහාරය දිරවන්න ඉස්සෙල්ලා නැවත ආහාරය ගත්තොත් අන්න එතන ඇති වෙනවා ආමේ කියලා තත්ත්වයක්. ඒකත් රෝගකාරකයා. එතකොට ආමේ  කියන්නේ අමු බව .ඒ කියන්නේ නොදිරවූ ආහාර කොටසක් ඉතුරු වෙනවා. ඒ ඒ නොදිරවූ ආහාර  රසය කියන එක නහර හරහා නැත්නම් අපේ රුධිර වාහිනී  හරහා එහෙම නැත්නම් ශරීරයේ තියෙන විවිධ මාර්ග හරහා ගිහිල්ලා ඒවා අවහිර කරන්න පුළුවන්. එක වෙනම රෝගකාරක තත්ත්වයක්. ඉතින් මේ නිසා ආහාරය අපි ගැනීමේදී ඉතාම වැදගත් වෙනවා අපිට කොච්චර අපේ අග්නි බලයක් තියෙනවද, අපිට ආහාර දිරවීමේ හැකියාව කොහොමද කියලා අන්න එ ආහාර දිරවීමේ හැකියාව මත තමයි අපි ගන්න ආහාර ප්‍රමාණය සහ ගන්න ආහාර වර්ග තීරණය කරන්නට අවශ්‍ය වෙන්නේ .


දැන් සමාජයේ ඉන්නවා සමහර පිරිස් තමුන්ගේ ශරීරය බොහොම දුර්වලයි ,කෙට්ටුයි කියලා එ අය හිතුමතේට සමහර වෙලාවට විවිධ විටමින් වර්ග ගන්න එහෙම නැත්නම් පෝෂදායි සම්මත යම් යම් ආහාර පාන ගන්නට තමුන්ගේ හිතු මතයට පෙළඹෙන අවස්ථාවල් තියෙනවා.. මේ ගැන ඔබතුමා මොකද හිතන්නේ?


ඒක අනුමත කරන්න අමාරුයි .මොකද හේතුව මම කිව්වනේ අපි ආහාර දිරවීමේ හැකියාව පිළිබඳව අග්නි බලය සම්බන්ධයෙන් අපිට යම් කිසි අනුමානයක් තියෙන්න ඕනේ සහ තක්සේරුවක් තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි ගොඩක් බර ආහාර නැත්නම් පෝෂදායි ආහාර ගත්තහම ආපහු ඒක ප්‍රශ්නයක් වෙනවා. එක යම් යම් දේවල් ශරීරය තුළ ඉතුරු වෙන්න පුළුවන් දිරවන්නෙ නැතුව. අන්න ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව තමයි හුඟක් වෙලාවට ආහාර ගත යුත්තේ. විශේෂයෙන්ම අතිරේක පෝෂණ ලබා ලබාගැනීමේදී අපි එකට වෛද්‍ය උපදෙස් ගන්නවා නම් තමයි සුදුසු.

වීඩියෝව - චරණ ටීවී