ගතවූ සති දෙකක කාලය තුළ සාපෙක්ෂව කොවිඩ් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය යටතේ ලියාපදිංචි වූ රෝගීන්ගේ පැහැදිලි වැඩිවීමක්  දක්නට තිබෙන බව එම ව්‍යාපෘතිය භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කරන්නීය.


ඇය පෙන්වා දුන්නේ මේ වන විට රෝගීන් 4,000ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ගතවූ සති දෙකේදී පමණක් එම අගය 3,000ක් පමණ වූ බව ඇය පැවසුවාය.
සති අන්තයේ ගතවූ පැය 24ක පමණ කාලයේදී අලුතින් රෝගීන් 500ක් පමණ ලියාපදිංචි වී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.