england-south-africa-west-indies-australia-t20-worldcup

සෙනසුරාදා පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාන්ඩයේ තරග දෙකකදී එංගලන්තය පරදා දකුණු අප්‍රිකාවත් කොදෙව්වන් පරදා ඕස්ට්‍රෙලියාවත් ජයගන්නා ලදි.


මෙතෙක් අපරාජිතව සිටි එංගලන්ත පිල අද දින පරාජයට ඇදදමමින් දකුණු අප්‍රිකාව ලද ජයග්‍රහණය මෙහිදී විශේෂිතය.


කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පන්දු යැවීම තොරාගත් මුත් අද තරගයේදී දකුනු අප්‍රිකාවට එරෙහි තර්ජනයක් එල්ල කිරීමට අපොහොසත් විය. ඩුසෙන් නොදැවී 94 ක්ද මාක්‍රම් නොදැවී 52 ක්ද ලබාගත් අතර
ලකුණු 189 ලබාගත්තේ කඩුළු 2 ක් පමණක් දැවී යමිනි. හයේ පහර  6 ක් හා 4 පහර 5 ක් ඩුසෙන්ගේ අනගි ඉනිමට ඇතුළත්විය.
පිළිතුරු ඉනිමේදී ලකුණු 179 කට ඕවර 20 එංගලන්තය අවසන් කළේ කඩුලු 8 ක් දැවෙමිනි. ඒ අනුව එංගලන්තය පරාජයට පත්විය.

අද පැවති අනෙක් තරගයේදී ඕස්ට්‍රෙලියාවට කාසියේ වාසිය ලැබුණ අතර මුලින් පන්දු රකින්නට තීරණය විය. කොදෙව්වන් ඕවර 20 අවසන ලබාගත්තේ කඩුළු 7 ට ලකුණු 157 කි. හසල්වුඩ් කඩුළු 4 ක්ලබාගත්තේය.
පිළිතුරු ඉනිමේදී ඕස්ට්‍රෙලියාව කඩුළු 2 ක් පමණක් දැවී 16.2 ඕවරයේදී ජයග්‍රහණය අත්කරගන්නා ලදි. ඩේවිඩ් වෝනර් ලබාගත් ලකුණු 89 නොදැවුණ ඉනිමට 6 පහර 4 ක් හා 4 පහර 9 ක් ඇතුළත්විය. මිෂෙල් මාර්ෂ් ලකුණු 32 ක් ලබාගත්තේය.

තරග අවසානයේ පොයින්ට් ටේබල් පහත පරිදිය.