england-win-over-sri-lanka

සඳුදා සාජා ක්‍රීඩා පිටියේ පැවති ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර විස්සයි20 ලෝකකුසලාන සුපිරි 12 වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව පරදා එංගලන්තය ජයගත්තේය.


මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත පිලේ ජොස් බට්ලර් සාර්ථක වෙමින් ලකුණු 101 ක් ලබාගත් අතර ඒ නිසාම එම ඉනිම ලකුණු 164 ක ඉහළ සීමාවකට ගෙන යන ලදි.


පන්දු යැවීමෙන් වනිඳු හසරංග කඩුළු 3 ක් ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම දුවද්දී දැවීයාමකින් පැතුම් නිශ්ශංක දැවී ගියේය. චරිත් අසලංක 21 ක් ලබාගත් අතර භානුක රාජපක්ෂ 26 ක් ගත්තේය. ආරම්භක පිතිකරුවන් තරමක අසාර්ථක බවකත් පෙන්නුවත් වනිඳු හසරංග පිතිකරනයෙන්ද දක්ෂතා දක්වමින් වේගවත් 34 ක් ලබාගත් අවස්ථාවේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය හඹායන්නට හැකි තත්වයක් 16 වන ඕවරය වනවිට උදාවිය. හසරංග හා දසුන් හානක 6 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සාර්ථක සම්බන්ධය ඊට හේතු විය.
නමුත් අවසානයේ හසරංග (34) හා දසුන් ශානක(26) විශාල පහර ලබාගන්නට හා කඩුලු අතර දවීමට ගොස් දැවී යාම සිදුවූයේ එංගලන්ත පිලේ දක්ෂ පන්දු රැකීම ඉදිරියේ අසරණ කරමිනි.
19 වන ඕවරය වනවිට සියල්ල දැවී ලබාගත හැකිවූයේ 134 කි.
තරගයේ වීරයා බට්ලර්ය.