facebook-Face-Recognition

Facebook හි Face Recognition පද්ධතිය වසා දමන බව META සමාගම විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව ස්වයංක්‍රීය හඳුනාගැනීම සඳහා පද්ධතියට ඇතුළත් වී ඇති පුද්ගලයින් තවදුරටත් ඡායාරූප සහ වීඩියෝවල ස්වයංක්‍රීයව හඳුනා නොගනු ඇති බව ද එමගින් දන්වා සිටී.



එම සමාගම විසින් ෆේස්බුක්හි බිලියනයකට වැඩි පුද්ගලයින්ගේ තනි පුද්ගල මුහුණු හඳුනාගැනීමේ අච්චු මකාදමන බවට මේටා විසින් කරන ලද නිවේදනයේ දැක්වේ.

මීට පෙර කිසියම් ඡායාරූපයක් ‍ෆේස්බුක් වෙත මුදාහැරි පසු එහි ගිණුමක් ඇති අයකුගේ නම් මුහුණ හඳුනාගෙන ස්වයංක්‍රීයව නම් ලැයිස්තුව ඉදිරිපත් කරන අයිතමයක් පැවතිණි.

එලෙස ස්වයංක්‍රීයව හඳුනාගන්නා මුහුණු අප විසින් click කිරීමෙන් අදාළ පුද්ගලයා එම ඡායාරූපයට tag වන ලෙස එය සකසා තිබුණි

මේ අනුව ඉදිරි සතිිවලදී මුළුමනින්ම ෆේස්බුක් වෙතින් එය ඉවත්වනු ඇති බව සමාගම නිවේනය කර සිටී.



“මෙම වෙනස තාක්ෂණයේ ඉතිහාසයේ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ භාවිතයේ විශාලතම මාරුවීම්වලින් එකක් නියෝජනය කරනු ඇත. Facebook හි දෛනික සක්‍රීය පරිශීලකයින්ගෙන් තුනෙන් එකකට වඩා අපගේ මුහුණු හඳුනාගැනීමේ සැකසීම තෝරාගෙන ඇති අතර ඒවා හඳුනා ගැනීමට හැකි වී ඇති අතර, එය ඉවත් කිරීම බිලියනයකට වැඩි පුද්ගලයින්ගේ තනි පුද්ගල මුහුණු හඳුනාගැනීමේ සැකිලි මැකීමට හේතු වනු ඇත.” මේටා සමාගම පවසයි.

මෙම උපාංගයේ මුහුණ හඳුනාගැනීමේ ක්‍රමය අද බහුලව භාවිතා වන්නේ ස්මාර්ට් ෆෝන් අගුළු ඇරීම වැනි පද්ධති සඳහා ය.