five-vehicle-accident-southern-expressway
ක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසල ආරම්භයේම 0.5 වන කිලෝමීටර් කණුව අසලදී අද සවස වාහන 5 ක් ගැටී ඇතිවූ අනතුර හේතුවෙන් කොට්ටාව පිවිසුම ආසන්නයේ සිට මාතර දෙසට රථවාහන තදබදයක් ඇතිවීය.
මෙහිදී කාර් තුනක් බස් එකක් ලොරියක් ලෙස වාහන 5 ක් එකිනෙක ගැටී ඇත. කුඩා ලොරි රථයක් පසුකරයාමට ගිය බස් රථය එහි ගැටුණ අවස්ථාවේ බස් රථය පසුපසින් වේගයෙන් ආ ඇක්වා වෙස්ල් හා ප්‍රීමියෝ වාහන තුනද පෙළට එකිනෙක ගැටී මෙම අනතුර සිදුවිය.
මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන නැවතී බොහෝ වේලා එකතැන රැඳී සිටි අතර රථවාහන තදබදය අවස්තාවේ ඇතැමුන් වාහනවලින් බැස සිද්ධිය ඡායාරූපගත කරමින් සිටිනුද වාර්තා විය. හෙටට යෙදෙන නිවාඩුව සමග සිකුරාදා නිවාඩු දමා දීර්ඝ සතිඅන්තයක් සකසාගෙන කොළඹීන් බැහැරව යන පිරිස්ද මේ අතර වූ නිසා තදබදය තවත් වැඩි විය.