flood-situation-update

කුරුණෑගල, උඩුබද්දාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේ නායයාමකින් නිවසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය මීට පෙර වාර්තා කර තිබුණි.  වයස අවුරුදු 65 ත් 75 ත් අතර වයස්ගත යුවලක් මෙලෙස මියගොස් තිබේ.

මේ අතර කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ නිවසට පස් කන්දක් කඩා වැටීමෙන් මව, පියා සහ පුතා යන තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මව බේරාගෙන රෝහල් ගත කර ඇති බවෙ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. පියා සහ පුතා අතුරුදන්ව ඇත.
ඒ අනුව දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
මරණ බදුල්ල, මාතලේ, මුලතිව්, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 105කට බලපෑම් එල්ල වී තිබේ.
ඉන් පවුල් 8820කට අයත් පුද්ගලයින් 23,638 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ හේතුවෙන් නිවාස 18ක් සම්පූර්ණයෙන් හානියට පත්ව ඇති අතර තවත් නිවාස 960කට අර්ධ හානි සිදුව තිබේ.


පීඩාවට පත්වූ පවුල් 385ක පුද්ගලයින් 1671 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 19ක මේ වන විට රඳවා ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර දිස්ත්‍රික 11ක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අවදානම් නිවේදනය අද රාත්‍රි 09.00 දක්වා දීර්ඝ කර තිබේ.