four-year-old-australian-girl-found-after-18-day

දින 18කට පෙර කඳවුරු බිමකින් පැහැරගත් බවට ඕස්ට්‍රෙලියානු මාධ්‍ය මගින් ආන්දෝලනාත්මක පුවත් මැවූ සිව් හැවිරිදි ඕස්ට්‍රේලියානු දැරියක බදාදා අගුලු දැමූ නිවසක  නිරුපද්‍රිතව සිටියදී සොයා ගන්නා ලද අතර, “මගේ නම ක්ලියෝ” යනුවෙන් ඇය උද්‍යෝගිමත්ව පොලිස් නිලධාරීන්ට පැවසූ බවට විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
ගතවූ දින කිහිපය තුළ මෙම සිදුවීම අසා කම්පිතවූවන්ට ඇයගේ හමුවීම අස්වැසිල්ලක් විය.

ක්ලියෝ ස්මිත් පසුගිය මාසයේ බටහිර ඕස්ට්‍රේලියාවේ ඇගේ පවුලේ කූඩාරමකින් අතුරුදහන් වූ අතර, නිලධාරීන් 100 දෙනෙකුගෙන් යුත්  ගුවන්, මුහුද සහ ගොඩබිම් සෝදිසි කිරීම් සිදුකර ඇයව සොයන ලදි. මෙම අතුරුදන්වීම ඛේදවාචකයකින් අවසන් වේ යැයි බොහෝ දෙනා බිය විය.

කුඩා දැරිය අතුරුදන් වූ ස්ථානයට මද දුරක් ඔබ්බෙන් වූ Carnarvon වෙරළබඩ නගරයේ අගුලු දැමූ නිවසක් තුළ ඇය තනිව සිටියදී සොයා ගත් බව බටහිර ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි.



"එක් නිලධාරියෙක් ඇයව තම තුරුලට ගෙන 'ඔබේ නම කුමක්ද' කියා ඇගෙන් ඇසුවා" පොලිස් නියෝජ්‍ය කොමසාරිස් කර්නල් බ්ලැන්ච් පැවසීය.

"ඇය කිව්වා 'මගේ නම ක්ලියෝ' කියලා."

ඔක්තෝබර් 16 වැනිදා පර්ත් නගරයට කිලෝමීටර් 1,000ක් පමණ උතුරින් පිහිටි දුරස්ථ බ්ලෝහෝල්ස් කඳවුරු භූමියේ පිහිටි ඇගේ පවුලේ කූඩාරමෙන් ඇය පැහැරගෙන යාම සිදුවිය.
දැරියගේ මව එලී ස්මිත් පෙරවරු 6 ට අවදි වූ විට පවුලේ කූඩාරම ගලවා ඇති බව හඳුනාගත් අතර ඇගේ වැඩිමහල් දියණිය අතුරුදහන් වී ඇති බව සොයා ගැනීමට හැකි විය.
 ක්ලියෝ ගැන තොරතුරු සපයන අයට පොලිසිය පසුගිය මාසයේ Aus$ මිලියනයක් (US$750,000) ලබාදෙන බවට දන්වා තිබුණි.
රහස් පරීක්ෂක අධීක්ෂක රොඩ් වයිල්ඩ් කිව්වේ "ඇය කූඩාරමෙන් ගෙන ගිය බවට සාක්ෂි ලැබුණා ඒ අනුව විමර්ශන මෙහෙයවුවා"ලෙසිනි.
ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 1 ට පමණ ඊට කඩා වැදුණ පවුලට කිසිදු සම්බන්ධයක් නැති 36 හැවිරිදි ප්‍රදේශවාසියෙකු පොලිසිය විසින් මේවනවිට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය බදාදා ප්‍රාදේශීය ප්‍රජාවට සහ ස්වේච්ඡා සේවකයන්ට ස්තූති කළේ දැරිය සොයාගැනීමට උපකාරවීම ගැනයි.
ටික කලකට පසු දැරිය ඇගේ දෙමාපියන් සමඟ නැවත එක් වූ අතර "අපේ පවුල නැවතත් සම්පූර්ණයි," මව ක්ලියෝගේ ඡායාරූපයක් සමග Instagram හි පළ කළාය.

දැරියට ගතවූ දින ගණනාව තුළ සිදුවූයේ කුමක්ද යන්න ගැන පරීක්ෂණ අවසන්වූ පසු සියල්ල හෙළිකරන බව පොලිස් නියෝජ්‍ය කොමසාරිස් කර්නල් බ්ලැන්ච් පැවසීය.

(ඒඑෆ්පී ඇසුරිනි Gossiplankanews.com)