2021 පැවති නවතම මිස් ෆ්‍රාන්ස් රුප රාජිණි තරගයේ අනුශූරතාව දිනාගත් ඒප්‍රිල් බෙනායුම් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ යුදෙව් විරෝධී අදහස් අපයෝජනාත්මක ලෙස පළකිරීම සම්බන්ධයෙන් ප්‍රංශ අධිකරණයක් බදාදා හත් දෙනෙකුට දඩ නියම කළේය.


දෙසැම්බර් මාසයේදී මිස් ෆ්‍රාන්ස් කිරුළ සඳහා තරඟ කළ ඒප්‍රිල් බෙනායුම්, එම උත්සවයේදී තම පියා ඊශ්‍රායල සම්භවයක් ඇති බව පැවසීමෙන් පසු වෛරී පණිවිඩවලට මාතෘකාවක් විය.

"හිට්ලර්ට මෙය අමතක විය" සහ "යුදෙව්වෙකුට ඡන්දය දෙන්න එපා" වැනි අපහාස ප්‍රධාන වශයෙන් ට්විටර් හි පළ කරන ලද අතර දේශපාලනඥයින් සහ ඇතැම් සංගම් හෙළාදැකීමට ලක් විය.

බදාදා පැරිස් අධිකරණයක් විත්තිකරුවන් හත් දෙනෙකුට, එනම් කාන්තාවන් හතර දෙනෙකුට සහ පිරිමින් තිදෙනෙකුට යුරෝ 300 සිට 800 දක්වා ($350-$930) දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

අටවන සැකකරුවෙකු නිදොස් කොට නිදහස් කරන ලද අතර, ඔහුගේ ට්වීට් පනිවිඩය කෙලින්ම බෙනායුම් ඉලක්ක කර නොගත් බව අධිකරණය විසින් තීරණය කරන ලදී.

නඩු විභාගය අතරතුර, සැකකරුවන් සියලු දෙනා පණිවිඩ ප්‍රකාශයට පත් කළ බව පිළිගත් නමුත් ඒවා යුදෙව් විරෝධී බව ප්‍රතික්ෂේප කළ අතර ඇතැමුන් තර්ක කළේ ඔවුන් පලස්තීනුවන් ආරක්ෂා කරන දේශපාලන ප්‍රකාශයක් කළ බවයි.

(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)