galle--anuradapura-covid19

ඉකුත් සති දෙකක කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 64 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පවසයි.


 පසුගිය ඔක්තෝබර් 31 වැනිදා සිට නොවැම්බර් 14 වැනි දින දක්වා කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 28 ක පාසල් දරුවන් 64 දෙනෙකුට මෙලෙස කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.
 අනුරාධපුර දිස්ත්‍රික්කයේද සැලකිය යුතු කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වන අතර
අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා වෛද්‍ය ආර්.එම්.රත්නායක මහතා පැවසුවේ පසුගිය සති 2ක තුළ පමණක් කොවිඩ් රෝගීන් 2,000 ඉක්මවා වාර්තා වු බවයි.
 ප්‍රාථමික අංශ සිසුන් සහ ගුරුවරුන් අතර රෝගය පැතිරීම සිදුව ඇතැයිද වෛද්‍යවරයා සදහන් කර තිබේ.