gamini-susiriwardane-passed-away

ශ්‍රී ලංකාවේ රියලිටි සංගීත වැඩසටහන් කලාවේ ආරම්භක යුගයේ සිරස සුපර් ස්ටාර් සීසන් 2 හරහා ක්ෂේත්‍රයට පැමිණි එකල ජනප්‍රිය ගායකයෙකු වූ ගාමිණී සුසිරිවර්ධන මහතා අභාවප්‍රාප්තවී තිබේ. දිගු කලක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳ ඔහු දිවියට සමුදුන් බව වාර්තා විය. 



ප්‍රහසන ගී ගැයීම නිසා ඒ දිනවල ප්‍රකටවූ ඔහු එම තරගාවලියේදී  4 වන ස්ථානය දිනාගත්තේය.
‘දන්නවද මං දුකින්‘ ඔහුගේ ප්‍රකටවූ ගායනයකි. රතු මැණිකේ හා නීල ආකාස තාරුකා යනුවෙන් ඇල්බම දෙකක්ද ඔහු 2012 ප්‍රසිද්ධ කළේය.
 2007 වර්ෂයේ සිට ස්වතන්ත්‍ර නිර්මාණ රාශියක් සමගින් ප්‍රසංග වේදිකාව හැඩ කිරීමටද ඔහු දායක විය.රසික ආදරය දිනා ගත්  ගායකයෙක් විය. ඔහු බෙන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටියේය.
දෙදරු පියෙකු වූ ගාමිණී සුසිරිවර්ධන මහතා මියයන විට වයස අවුරුදු 58 කි.
ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා අද(14) සවස 4.00 සිට බෙන්තොට, ඊගල්ස්, යාත්‍රාමුල්ල නිවසේ තැන්පත් කිරීමට නියමිත ය.
අවසන් කටයුතු හෙට(15) සවස 5.00 ට බෙන්තොට ආදාහනාගාරයේදී සිදු කෙරෙනු ඇත.