gammanpila-oil-price

ඉන්ධන මිල ඉහළ දමන්නේ ද නැද්ද යන්න පිළිබඳ මුදල් අමාත්‍යවරයා විසින් ගනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී  සඳහන් කළේය.
ඒ මෙසේය.


“පහුගිය කාලයේ භූමිතෙල් සඳහා තිබෙන ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒකට පළමු හේතුව තමයි ඩීසල් ලීටරයක් අපි රු 111කට විකුණන කොට භූමිතෙල් ලීටරයක් විකුණන්නේ රු 77කට. මේ නිසා කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර බෝට්ටු පමණක් නෙමෙයි බස්රථ පවා මේ දවස්වල භූමිතෙල්වලින් දුවන්න පටන් අරන් තියෙනවා. ගෑස් සහ භූමිතෙල් අතර පවතින දැවැන්ත මිල පරතරය නිසා ගෑස් උඳුන්වලින් ආහාර පිසීම වෙනුවට භූමිතෙල් උඳුන් ඒ සඳහා භාවිත කරන්න ජනතාව පෙළඹිලා. අපි මේ දිනවල ගොවි ප්‍රජාව හා ධීවර ප්‍රජාව නොමැති ප්‍රදේශවල භූමිතෙල් නිකුත් කිරීම පාලනයක් සහිතවයි කරන්නේ.”

මාධ්‍යවේදියා- තෙල් මිල සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තියෙනවා ?

“ජනතාව දැවැන්ත පීඩාවකින් සිටින නිසා, ගහෙන් වැටුණ මිනිහා ට ගොනා ඇනීම සිදුනොවිය යුතුයි කියලා හිතලා තමයි දැවැන්ත පාඩුවක් දරමින් ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොකළේ. නමුත් මේ අයවැය මාසයේ ඉන්ධන මිල තීරණය කිරීම මුදල් අමාත්‍යතුමා ට භාරයි.”