gammanpila-speaks

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 ක කාලසීමාවක් සඳහා වසා දමන ලද බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින්  සඳහන් කළේය.


ඩොලර් අර්බුදය හේතුවෙන් බොරතෙල් ආනයනය තාවකාලිකව නතර කර ඇති බැවින් සපුගස්කන්දේ වැඩ නතරවූ බව ඔහු පැහැදිලි කළේය.
මෙය තාවකාලික ක්‍රියාමාර්ගයක් බවත් ලැබුණ විවේකය පරිහරණයට ගෙන තෙල් පිරිපහදුව අළුත්වැඩියා කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ පිරිපහසුව වසා දැමුවත් කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බවයි.