ප්‍රකට ටෙලි නිළි ගයාත්‍රී ඩයස් මේ දිනවල කල්ගෙවන්නේ කැනඩාවේය. ඇයගේ දියණියන් එරට උසස් අධ්‍යාපනය ලබන අතර ඒ වෙනුවෙන් ඇය එහි ගොස් තිබේ. ඇය නතරවී සිටින්නේ ඇයගේ නැගණිය හා නැගණියගේ සැමියා වාසය කරන නිවසේය.




ඕස්ට්‍රෙලියානු පුරවැසිකම ලබාඇති ගයාත්‍රීගේ නැගණිය රැකියාව කරන්නේ කැනඩාවේය. ඒ නිසා දිගු කලෙක සිට එහි නිවසක වාසය කරන්නීය. ගයාත්‍රී ඩයස් ලංකාව අතැර ටික කලකට කැනඩාවට යාමට අදහස් කර එහි ගියත්දැන් පවසන්නේ දිගටම එහි සිටීමට තීරණය කළ බවයි. එසේම ඇයගේ නැගණිය ගයාත්‍රිගේ පවුලටද වාසය කළ හැකි පරිදි නව නිවසකට ළඟදීම ගෙවදින බවත් ඒ අනුව ස්ථිරව කැනඩාවේ ජීවත්වීමට මේ දිනවල සැලසුම් කරන බවත් ඇය පවසා තිබේ.
මේ අතර වාර්තාවූයේ ගයාත්‍රී ලංකාවේ කරගෙන ගිය ‘බියුටි සැලොන් එක‘ විකුණන්නට දමා ඇති බවයි. එයට ඔෆර් එකක් ලැබුණ බවත් එය වෙනත් අයෙකුට පවරන්න සූදානම් කළ බවත් ඇය කියා ඇත.
සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් ගයාත්‍රී පවසා ඇත්තේ තමාට රට අතැර යාමේ සිතිවිල්ල පහළවූයේ මවගේ මරණින් පසු ඇතිවූ ජීවිත පරිවර්තනයක් ලෙසින් බවයි.
‘අපෙ අම්මා කොවිඩ් නිසා මැරුනාම මට වාවන්නෙ නැති වුණා. අම්මගෙ මරණින් පස්සේ මට ලංකාවේ ජීවිතය එපා වුණා. අපි බොහොම වෙලාවට ලංකාවෙදි ජීවත්වෙලා තියෙන්නෙ හරිම ආත්මාර්ථකාමී මිනිස්සු කොටසක් එක්ක කියන දේ තේරුම් ගන්න කොට මට ඉතිරිවුනේ තමන්ගේ අය කියන කොටස විතරයි. එතැනදි තමයි මම තීරණය කළේ මේ ඔක්කොම දාලා ගිහින් ජීවිතේ අන්තිම කාලෙදිවත් හිතට හරියන තැනක ඉන්න ඕනය කියලා. අම්මගෙ මරණින් පස්සෙ මට හිතුනා මං නැතිවුණත් දරුවන්ට මේ ලෙසම දැනෙන බව. මං හිතුවා මං දූල ළඟ වැඩිපුර කාලය ගත කළ යුතු බව.දූලාත් මේ තීරණය ගත්තෙ බොහොම කැමැත්තෙන්‘

සැලොන් එකගැන ඇය කිව්වේ මෙසේය.
‘ඒක මිලදී ගන්න හොඳ ඔෆර් එකක් ආවා. ඒත් තවම තීරණය කළේ නැහැ.මගෙ ස්ටාෆ් එකට ඒක කරගෙනයන්න බාරදීලා ආවෙ. විශ්වාසවන්ත කෙනෙකුට මම භාරදෙන්න කැමතියි‘