geetha-kumarasinghe-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ පසුගියදා රැස්වීමකදී මෙසේ කියා සිටියාය.

2020 පාරවල් ටික කරලා නෑ තවම. මහ විසාල බර මුදලක් හැම ගමටම ලක්ෂ විස්සක පාරක්..හේතුව සිමෙන්ති නෑ.. මං නං අනේ හොඳම කට්ට කාපු එක්කෙනානෙ.
අර ස්විට්සර්ලන්තෙ වගේ සුරපුරයක් වගේ රටේ පුරවැසිකම අතඇරල දැම්මා.
ගමට ආවම බැනුම් වතුර නෑ උඹ අපට වතුර දෙන් නැද්ද.. මොනව කරන්නද මම දුවනව හතර වටේ.
කාට කියන්නද කාගෙ වරදද කියල දන්නෙ නෑ මම..



එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ලස්සණට කිව්වා.. කෝ අර චිත්‍රෙ ඇඳපු ළමයි කෝ කියල කිව්වා..අනේ උන් ඇවිල්ල අපේ දෙපතුල ගාව වැඳ වැටිලා රස්සා දෙන්න කියල මොනකරම් ඉල්ලීම් කළාද.. කොහෙන් දෙන්නද
අනේ මගේ ගාමන්ට් ෆැක්ට්‍රීස් වලිනුත් බාගයක් වහලා.. නැත්නම් මං අඩුගානෙ උන්ව ඒවට දාගන්නවා.
දැන් නං හිතෙනවා ඒව ටික කරගත්තනං තව මොකක් හරි කරගන්නව කියලා.. අන්තිමට ඒවත් කරගන්න බැරිවුණා.