gotabaya-protest-ltte-glasgow

එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ පැවැත්වෙන කොප්26 සමුළුවට ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීම ආරංචිවූ අවස්ථාවේ සිට විවිධාකාර විරෝධතාවන් සූදානම් කළ එරට වසන කොටි ඩයස්පෝරාවේ නියෝජිතයින් ගොඨාභය ජනපති පැමිණෙන්නට පෙර ද හෙරල්ඩ් පුවත්පතේ ඔහුට එරෙහි දැන්වීමක් පළ කර තිබෙනු මින් පෙර වාර්තා විය.


ගෝඨාභය රාජපක්ෂ ග්ලාස්ගෝව් වෙත පැමිණි පසුව බස් රථ වලින් කාණ්ඩ වශයෙන් සංවිධානයවී නගරය වෙත පැමිණි මේ පිරිස් සමුළුවට ආසන්නයේ දවස පුරා විරෝධතා පැවැත්වූ අතර රාත්‍රී කාලයේ නව තාක්ෂණය භාවිතා කරමින් ගෝඨාභය ජනපතිට විරුද්ධ ඩිජිටල් පෝස්ටර් ආලෝක ප්‍රොජෙක්ටර භාවිත කරමින් නගරයේ තැන්තැන්වල ගොඩනැගිලි ආලෝක කර ප්‍රදර්ශනය කරනු වාර්තා විය.
එල්ටීටීඊ සංවිධානයට හිතවාදීවූ මෙම පිරිස් 2009 යුද පරාජයට පෙර සිටම එක්සත් රාජධානියේ පදිංචියට ගිය අය වන අතර ඔවුනගේ එරට සරණාගත වීසා කාලය දීර්ඝ කරගනු ලබන්නේ ලංකාවේ වර්ගවාදයක් පවතින බවට ලෝකයට ප්‍රවෘත්ති මවන තාක්කල්ය. එබැවින් ලංකාවේදී කිසිදු විරෝධතාවයක් සංවිධානය නොකරන ඔවුන් විදෙස් රටවලදී පමණක් විරෝධතා සංවිධානය කර සිය පැවැත්ම තහවුරු කිරීමට මෙලෙස උත්සාහ දරනු වාර්තා වෙයි.